මෙරට විවාහ නීතියක් වෙනස් වෙයි...කැබිනට්ටුවෙත් අනුමැතිය.
Sri Lanka
High court
Muslim marriage
By Aruna
රටටම එක නීතියක් හදන්න අධිකරණ ඇමැති ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය මෙරට පුරවැසින්ගේ විවාහ සහ දික්කසාද පාලනය කරනු ලබන පොදු නීතිය යටතේම මුස්ලිම් ප්‍රජාවට අයත් පුද්ගලයින්ගේ ද විවාහ සහ දික්කසාද පාලනය කරන විකල්ප අවස්ථාවන් ලබාදීමට අධිකරණ අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව ඉස්ලාම් ආගම අදහන තැනැත්තන් විවාහ ලියාපදිංචි කිරීමේ අඥාපනත යටතේ විවාහ වීමට අපේක්ෂා කරන්නේ නම් ඔවුන්ට එකී අඥාපනත යටතේ පාලනය වීමට හැකි වන පරිදි සිවිල් නඩු විධාන සංග්‍රහය සහ සිවිල් නඩු කටයුතු සම්බන්ධ කාර්යය පටිපාටිය සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |