ලක්ෂයකින් 991 දෙනෙකු ආසාදිතයන් වෙයි..යළි රට ලොක් ඩවුන් කරයි?..

Covid Sri Lanka Lock down Corona viruses
By Aruna Nov 20, 2021 05:37 AM GMT
Aruna

Aruna

Report

2022 පෙබරවාරි වනවිට රටේ සමස්ත ජනගහනයටම කොවිඩ්-19 එන්නත් කිරීම අවශ්‍ය කරන යුරෝපයේ පළමු වැනි රට බවට ඔස්ට්‍රියාව පත්වනු ඇත.

ඔස්ට්‍රියාවේ ජනගහනයෙන් තුනෙන් දෙකක් පමණක් මේ වනවිට එන්නත් මාත්‍රා දෙකම ලබා ඇති අතර, එය ලැජ්ජාවට පත්විය යුතු පහත් තත්ත්වයක් බව එරට චාන්සලර් ඇලෙක්සැන්ඩර් ෂැලන්බර්ග් විස්තර කළේය.

විශේෂයෙන්ම එය බටහිර යුරෝපයේ අඩුම එන්නත් අනුපාතයන්ගෙන් එකක් වන අතර, මේ තත්ත්වය තුළ ආසාදන ඉහළ යමින්, පසුගිය දින හතක කාලයේදී ජනගහනය 100,000කට ආසාදිතයන් 991ක් වාර්තා විය.

පවතින තත්ත්වය තුළ සඳුදා දිනයේ සිට එරට යළිත් අගුලු දැමීමක් සිදුවන අතර, එය දින 20කින් පසුව යළි ඇගයීමක් කර, පසුව තවත් දින 10කින් යළි ඇගයීමක් සිදුවනු ඇත.

අගුලු දැමීම යන්නෙන් අදහස් කරන්නේ රැකියාවට යාම, අත්‍යවශ්‍ය දේ සඳහා සාප්පු යාම සහ ව්‍යායාම කිරීම වැනි අත්‍යවශ්‍ය කාරණා කිහිපයක් හැරුණු විට මිනිසුන්ට තවදුරටත් තම නිවෙස්වලින් පිටවීමට අවසර නොදීමයි.

හැකි නම් තම දරුවන් නිවසේ තබා ගන්නා ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියද පාසල් විවෘතව පවතිනු ඇති බවද කියයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha