රට වහන දිනය කියයි..වහාම අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගන්න...ජනතාවට දැනුම් දීමක්.

Corona JVP Sri Lanka Lock down Wasantha samarasinghe
By Aruna Aug 19, 2021 12:53 AM GMT
Aruna

Aruna

Report

ආණ්ඩුව වහාම විද්‍යාත්මක රට වසා දැමීමකට යා යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

ආණ්ඩුව එම තීරණය නොගන්නේ නම් එළඹෙන සදුදා දින සිට මෙරට සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවකයන් අත්‍යවශ්‍ය සේවාවන් පමණක් ඉටු කරමින් රට ලොක් ඩවුන් කිරීමක් සිදුකරන බවද ඒ මහතා කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් සමරසිංහ මහතා මේ අදහස් පළ කළේය.

මේ අතර සිකුරාදා දිනයේ සිට රට වසා දැමීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් සති දෙකක් පුරා වැඩ වර්ජනයක් දියත් කර රට වසා දැමීමට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති තීරණය කර තිබේ.

ඒ අනුව 23දා සිට දින දහයක් රට තුළ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන ඒකාබද්ධ සන්ධානය කියා සිටී. සංධානයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා සඳහා පවසන්නේ රට දින 10 කට වසා දැමීම සඳහා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි.

සිකුරාදා වන විට රට වසා දැමීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් එසේ නොකළහොත් 23 වනදා වන විට දින 10ට අවශ්‍ය භාණ්ඩ රැස්කරගෙන නිවස් වලට වී සිටින ජනතාවට දැනුම් දෙන බවද ඔහු පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha