මහ බැංකු අධිපතිගෙන් මුළු ලංකාවටම අසුබ ආරංචියක් - ඉස්සරහට වෙන්න යන දේ මෙන්න

Report

උද්ධමනය ඉදිරියේදී 9%ක් දක්වා ඉහළ ගොස් 2027 දෙවැනි භාගයේදී 5%ක ඉලක්කය කරා පහළ යා හැකියි - මහ බැංකු අධිපති 2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය ඉදිරි මාස කිහිපය තුළ තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ඒ අනුව, ඉදිරි මාසවලදී උද්ධමනය 9%ක් පමණ දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපතිවරයා අද (20) සඳහන් කළේය. 2026 ඔක්තෝබර් මාසයේදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත උද්ධමනය 8.3%ක් ලෙස සටහන් වී තිබුණි.

මස්කෙළිය පාසලක හදිසි තත්ත්වයක් - හුස්ම ගැනීමේ අපහසුතා ඇති වූ සිසුන් 36 දෙනෙක් රෝහල්ගත කෙරේ

මස්කෙළිය පාසලක හදිසි තත්ත්වයක් - හුස්ම ගැනීමේ අපහසුතා ඇති වූ සිසුන් 36 දෙනෙක් රෝහල්ගත කෙරේ

කෙසේ වෙතත්, ඉදිරි මාස කිහිපය තුළ උද්ධමනය තවදුරටත් ඉහළ ගියද, 2027 වසරේ දෙවැනි භාගයේදී එය ක්‍රමයෙන් පහළ යනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි.

ඒ අනුව, 2027 වසරේ දෙවැනි භාගය වන විට උද්ධමනය ශ්‍රී ලංකා මහ බැංකුවේ 5%ක ඉලක්කය කරා ක්‍රමයෙන් ළඟා වනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ක්ලබ් වසන්ත ඇතුළු ඝාතන රැසකට සම්බන්ධ 'රොටුඹ අමිල' - CID අත්අඩංගුවට

ක්ලබ් වසන්ත ඇතුළු ඝාතන රැසකට සම්බන්ධ 'රොටුඹ අමිල' - CID අත්අඩංගුවට