මස්කෙළිය පාසලක හදිසි තත්ත්වයක් - හුස්ම ගැනීමේ අපහසුතා ඇති වූ සිසුන් 36 දෙනෙක් රෝහල්ගත කෙරේ

Report

මස්කෙළිය ශාන්ත ජෝසප් ජාතික විද්‍යාලයේ සිසුන් 36 දෙනෙකු පමණ හදිසියේ ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් අද (20) මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

වාර්තා වන අන්දමට, අද උදෑසන 8.45ට පමණ එම පාසලේ ප්‍රාථමික අංශයේ සිසුන් 96 දෙනෙකු උදෑසන ආහාරය ගැනීමෙන් අනතුරුව මෙම තත්ත්වය හටගෙන ඇත.

ඒ අනුව, පන්ති කාමර තුළ සිටි සිසුන් අතරින් 36 දෙනෙකුට පමණ හදිසියේ හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීමත් සමඟ ඔවුන් කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.

රෝහල් බලධාරීන් සඳහන් කළේ, ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව සිසුන් 30 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් ඇති බවයි. තවත් සිසුන් පස් දෙනෙකු තවදුරටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, ඒ අතර පිරිමි සිසුන් දෙදෙනෙකු සහ ගැහැනු සිසුන් තිදෙනෙකු සිටින බව ද වාර්තා වේ.

කෙසේ වෙතත්, සිසුන්ට මෙලෙස හදිසි හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.


රත්තරන් මිල එකවරම කඩා වැටෙයි- අද උදේ පාන්දරම වෙනස්වුන නවතම මිල ගණන් මෙන්න

රත්තරන් මිල එකවරම කඩා වැටෙයි- අද උදේ පාන්දරම වෙනස්වුන නවතම මිල ගණන් මෙන්න