අද සහ හෙට දිවයින පුරා රාජ්‍ය ආයතන රැසක් වැසෙයි.- එම ආයතන මෙන්න. - වැඩ වලට ගිහින් රස්තියාදු වෙන්න වෙයි.

Government Employee Government Of Sri Lanka SL Protest Strike Sri Lanka
By Wayomi Jul 08, 2024 02:48 AM GMT
Wayomi

Wayomi

Report

රාජ්‍ය සේවය නියෝජනය කරමින් වෘත්තීය සමිති 200 කට අධික සංඛ්‍යාවක් අද (08) සහ හෙට (09) දිනයන් හීදී අසනීප නිවාඩු දමා සංකේත වැඩ වර්ජනයක නිරතවන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරනවා.

අද සහ හෙට පාසල් වැසෙයි? - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්.

අද සහ හෙට පාසල් වැසෙයි? - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්.


ඒ , අනුව තැපැල්, මිනින්දෝරු, ගොවි නියාමක, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර කීපයක රාජ්‍ය නිලධාරින් අද දිනයේ වැඩ වර්ජනයේ නිරතවීමට නියමිතය.

රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සංගමයේ සභාපති එන්.එම් විජේරත්න කියා සිටියේ, වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

රැකියා ස්ථානයේ පිළිගැනීමක් ලැබෙන අද දවසේ - මුදල් වාසි ගෙනෙන ලග්න මෙන්න.

රැකියා ස්ථානයේ පිළිගැනීමක් ලැබෙන අද දවසේ - මුදල් වාසි ගෙනෙන ලග්න මෙන්න.


මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහාය පළ කරමින් ඊයේ (07) පස්වරු 4 සිට තැපැල් සේවකයින් ද වර්ජනයක නිරත වන බව ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාරසඳහන් කළා.

එමෙන්ම ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද දිනයේ සේවයට වාර්තා කළ ද හෙට දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇති බවයි.

එක්වරම මෙරට කෝවිලක පත්තිනි දෙවියන්ගේ දේව ප්‍රතිමාවක එක් ඇසක් විවෘත වෙයි. - (UPDATE - VIDEO/PHOTOS)

එක්වරම මෙරට කෝවිලක පත්තිනි දෙවියන්ගේ දේව ප්‍රතිමාවක එක් ඇසක් විවෘත වෙයි. - (UPDATE - VIDEO/PHOTOS)

 

මේ අතර සෞඛ්‍ය කේෂ්ත්‍රයට අදාළව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ හෙද සංගම් මෙම වර්ජනයට සහාය නොදීමට මේ වනවිටත් තීරණය කර ඇති අතර සෞඛ්‍ය කේෂ්ත්‍රයේ කටයුතු ගැටලුවකින් තොරව සිදුකෙරෙණු ඇති.

මේ හේතුවෙන් අද දිනයේ දී වෘත්තීය සමිති නියෝජිතයින් සිදු කිරීමට නියමිත වර්ජනය හේතුවෙන් රාජ්‍ය සේවය අකර්මන්‍ය වීමේ අවදානමක් මතුව තිබෙනවා.   

රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට වරම් නොලබන උසස් පෙළ සමතුන්ට පොලී රහිත ණයක්. - එය ලැබෙන්නේ මෙහමයි.

රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට වරම් නොලබන උසස් පෙළ සමතුන්ට පොලී රහිත ණයක්. - එය ලැබෙන්නේ මෙහමයි.