ඉදිරි දින 06ක් තුළ ලංකාවේ වෙන්න යන දේ මෙන්න..සියල්ලට සුබ ආරංචියක්.

Sri Lanka Gas Sapugaskanda
By Aruna Nov 19, 2021 07:45 AM GMT
Aruna

Aruna

Report

මෙම වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝම්බර් දක්වා සපුගස්කන්ද පිරිපහදුව රුපියල් බිලියන 11ක ලාභයක් ලබා තිබියදී එය පාඩු ලබන බවට ප්‍රකාශ කිරීම පිටුපස පිරිපහදුව පෞද්ගලීකරණය කිරීමේ අවශ්‍යතාවක් ඇත්ද යන්න පිළිබඳ සැක මතුවන බව ඛනිජ තෙල් වෘත්තිය සමිති පවසනවා.

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් කෙටිකාලීනව බොරතෙල් ආනයනය අත්හිටුවීමට රජය තීරණය කිරිමත් සමඟ සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුවේ කටයුතු දින 50ක කාලයකට අත්හිටුවීමටයි පසුගිය දා පියවර ගනු ලැබුවේ.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ, පිරිපහදු කළ පෙට්‍රල් සහ ඩීසල් මෙරටට ගෙන්වීමෙන් ලාභයක් සිදු වන බවයි.

කෙසේ වෙතත් පිරිපහදුව වසා දැමීම හේතුවෙන් සේවකයින් කිසිදු රාජකාරියක නිරත නො වුණත්, මාසිකව ඔවුන්ට වැටුප් ගෙවීම සඳහා රුපියල් කෝටි 10ක පමණ මුදලක් වැය කිරීමට සිදුව තිබෙනවා.

ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල පැවසුවේ, 1,300ක් පමණ වන එම සේවකයන් සේවයට වාර්තා කර නිකරුණේ කාලය ගත කරන බවයි.

අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගෑස් සහ භූමිතෙල් ලබා ගැනීමට ජනතාව පිරිවුම්හල් අසල පෝලිම්වල රැඳී සිටියා.

කෙසේ වෙතත්, දින 06 ඇතුළත පවතින ගෑස් හිඟය මග හැරෙනු ඇති බව ලිට්රෝ සමාගමේ අලෙවි සහ වෙළෙඳ අධ්‍යක්ෂ ජානක පතිරත්න පවසනවා.


 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
 Join now


ReeCha