රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනාවක් - වෛද්‍ය කාණ්ඩ අතර අර්බුදයක් ඇති කිරීමට සූදානමක්

Report

 විශේෂඥ වෛද්‍යවරුන් සහ අනෙකුත් වෛද්‍ය කාණ්ඩ අතර බෙදීමක් ඇති කරමින් මෙරට නිදහස් සෞඛ්‍ය පද්ධතිය දැවැන්ත අර්බුදයකට තල්ලු කිරීමේ සංවිධානාත්මක දේශපාලන උත්සාහයක් ක්‍රියාත්මක වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

රට තුළ පැවැති ආර්ථික හා සමාජීය අස්ථාවරත්වය හමුවේ වෛද්‍යවරුන් රට හැර යාම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වෘත්තීය සංගම් එක්ව පත්කළ කමිටුව මඟින් "ශ්‍රී ලංකා වෛද්‍ය සේවය" නමින් නව සේවා කාණ්ඩයක් සහ වැටුප් ව්‍යුහයක් ස්ථාපිත කිරීමට මුලින් එකඟතාව පළ කර තිබුණි.

මේ ප්‍රදේශවලට අතිවිශේෂ නිවේදනයක් - පැය 24ක් වලංගු වේ

මේ ප්‍රදේශවලට අතිවිශේෂ නිවේදනයක් - පැය 24ක් වලංගු වේ

එමෙන්ම 2026 අයවැය තෙවනවර කියවීමේදී ද විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියලුම වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවට රජය සහතික වී තිබිණි.

කෙසේ වෙතත්, මේ වන විට සමස්ත වෛද්‍ය සේවය වෙනුවට විශේෂඥ වෛද්‍යවරුන් සඳහා පමණක් වෙන්වූ විශේෂිත සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවත්, එමඟින් වෛද්‍යවරුන් අතර අනවශ්‍ය මතභේද සහ බෙදීම් නිර්මාණය වන බවත් සංගමය පෙන්වා දෙයි.

එක් කාණ්ඩයකට පමණක් සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමෙන් රෝගී සත්කාරක සේවාවලට දැඩි බලපෑමක් එල්ල වන බැවින් එකී යෝජනාවට තම සංගමය කිසිසේත් එකඟ නොවන බව ද ප්‍රකාශ කර සිටියි.

මෙම අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සිය වාචික හා ලිඛිත කරුණු දැක්වීම් අදාළ කමිටුව වෙත යොමුකර ඇති අතර, කමිටු වාර්තාවේ පිටපතක් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් කිහිප වරක් ඉල්ලා සිටිය ද මෙතෙක් එය ලබාදී නොමැත.

මේ හේතුවෙන් හදිසි ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා සංගමයේ පළාත් සහ දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන්ගේ රැස්වීමක් පසුගිය 28 වනදා පැවැත්වූ අතර, එහි ඊළඟ පියවර ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුකමිටු හදිසි සාකච්ඡාවක් හෙට (31) පැවැත්වීමට නියමිතය.

[ZYJPXE0

වෛද්‍යවරුන්ගේ අයිතිවාසිකම් සුරකිමින් සමස්ත වෛද්‍ය ක්ෂේත්‍රයම ආවරණය වන "ශ්‍රී ලංකා වෛද්‍ය සේවය" ස්ථාපිත කිරීම සඳහා වන තීරණාත්මක පියවර රැසක් හෙට දින සාකච්ඡාවේදී ගැනීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.