''බලයට ආපු දවසේ ඉඳන් ආණ්ඩුවට ජනතාව එපා වෙලා" නාමල්ගෙන් රජයට දැඩි ප්‍රහාරයක්

Report

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුවන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ රැස්වීමක් අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා සදහන් කළේ මෙවන් අදහසක් ​

දැන් ධීවරයාට මේ තියෙන තෙල් මිලත් එක්ක මුහුදු ගිහිල්ලා අල්ලන මත්ස්‍ය අස්වැන්නෙන් ලාභයක් ලබන්න බෑ. ඒ හින්දා ඉතින් අධිවේගී මාර්ගය ඇඹුල් තියල් හදන්න හැදුවත් දැන් වැඩේ වෙන්නේ නෑ. වැව්වලත් මාළු නෑ. ඇයි? හිඳිලා. ​පසුගිය කාලසීමාව තුළ වැඩපිළිවෙලක් ආණ්ඩුවෙන් ක්‍රියාත්මක වුණේ නෑ මේ අභියෝගයට මුහුණ දෙන්න. අවුරුදු දෙකක් විපක්ෂයට බැන බැන හිටියා. ඒ කියන්නේ රාජපක්ෂලාට. අවුරුදු දෙකක්! අඩුම ගානේ අවුරුදු දෙක ඇතුළත මේ ලුණුගම්වෙහෙර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ, මොනරාගල, වැල්ලවායේ, බුත්තල වැව් ටික සුද්ධ කරන්න. කයිවාරු ගහන එක නවත්තලා, බනින එක නවත්තලා. අඩුම ගානේ පොඩි වැස්සකට හරි යම් සහනයක් ලබාගන්න තිබ්බා. ​එක පැත්තකින් වී ගොවියා අසරණ වෙලා ඉන්නවා. තවත් පැත්තකින් හේන් ගොවියා. අද හේන් ගොවිතැන් කරන අයට අපේ හාමුදුරුවනේ, තමන්ගේ ගොවිතැන් කරගන්න අවස්ථාව දෙන්නේ නෑ. අවසර ගන්නේ කොහෙන්ද කියලවත් දන්නේ නෑ දැන්.

ස්සර නම් ප්‍රාදේශීය කමිටුවෙන්, දිස්ත්‍රික් කමිටුවෙන් කාලෙන් කාලෙට එක එක ප්‍රදේශවලට අවසර දුන්නා. හැබැයි අද ආණ්ඩුවේ අවශ්‍යතාවය මත, ආණ්ඩුවේ ඕනෑකම මත කැලෑ සුද්ධ කරනවා. හැබැයි ගොවියෙක් හේනකට ගිහිල්ලා වසර 10, 15, 20, 30, 40, 50 හේන් කරපු තැන්වලවත් අඩුම ගානේ හේනක් කරගන්න අවසර දෙන්නේ නෑ. ​අනික් පැත්තෙන් ගොයම් කැපෙන කාලෙට හාල් පිටරටින් ගේනවා. එළවළු, පළතුරු පිටරටින් ගේනවා. ඒ තුළ මේ රටේ ගොවියාට සාධාරණයක් වෙන්නේ නෑ. ​උපාධිධාරී දරුවෝ රැකියා ඉල්ලගෙන ගියා. ඇයි මැතිවරණ කාලේ පොරොන්දු වුණානේ ගෙයින් ගෙට යන්න, අපි රස්සා ටික දෙනවා කියලා. දැන් ගහලා පන්නනවා. අර එක කාලයක් තියෙනවනේ, අපි ආණ්ඩුවක් පිහිටුවලා කාලයක් යනකොට කියනවා දැන් ජනතාවට ආණ්ඩුව එපා වේගෙන එන්නේ. එහෙම කියනවනේ? හැබැයි අපේ හාමුදුරුවනේ මේ ආණ්ඩුවේ අනික් පැත්ත. බලයට ආපු දවසේ ඉදන් ආණ්ඩුවට ජනතාව එපා වේගෙන යනවා. සාමාන්‍යයෙන් ජනතාවටනේ ආණ්ඩුව එපා වෙන්නේ? අනේ මේ ආණ්ඩුව, ආණ්ඩුවට ජනතාව එපා වේගෙන යනවා. ​බලය ගත්තු දවසේ ඉදන්, බලය ගත්තු දවසේ ඉදන් ජනතාවගේ බඩට ගහපු එක කළේ. අසීමිත බදු දෛනික ආදායම් උත්පාදනය කළත් අසීමිත බද්දක් වදිනවා. හැමදේකටම දරාගන්න බැරි බදු. විදුලි බිල එන්න එන්න වැඩි කරනවා. තෙල් මිල වැඩි කරනවා. දැන් කියනවා මේ ලෝකයේ යන යුද්ධයක් හින්දා තෙල් මිල, විදුලි බිල වැඩි වෙනවා කියලා. 

ගුරු සේවයේ විශාල පෙරළියක්? සියලු ගුරුවරුන්ට තිබිය යුතු බලපත්‍රයක් සහ වැටුප ගැන ඇහෙන අලුත් කතාවක්

ගුරු සේවයේ විශාල පෙරළියක්? සියලු ගුරුවරුන්ට තිබිය යුතු බලපත්‍රයක් සහ වැටුප ගැන ඇහෙන අලුත් කතාවක්

බාල ගල්අඟුරු ගේනවා. එක නැවක් නෙවෙයි, නැව් 15ක්.අද වෙනකන් බාල ගල්අඟුරු ගෙනාපු සමාගමට විරුද්ධව ගත්තු නීතිමය ක්‍රියාමාර්ගය මොකක්ද? ​අද වෙනකන් වරායෙන් කන්ටේනර් පන්නනවා. බලනකොට ජනාධිපති ලේකමුත් කන්ටේනර් පන්නලා අහුවෙච්ච කෙනෙක්. ජනාධිපතිවරයා දන්නවා තමන්ගේ ලේකම් කන්ටේනර් පන්නන්න දක්ෂයෙක් කියලා. අපේ හාමුදුරුවනේ ඒ ලේකම්ව ගෙනල්ලා ජනාධිපති ලේකම් බවට පත්කරනවා. ඒ පුද්ගලයාව ගෙනල්ලා. ඒ පුද්ගලයා ජනාධිපති ලේකම් වෙච්ච දවසේ ඉඳන් වරායෙන් කන්ටේනර් පන්නනවා. කන්ටේනර් පන්නලා කළු පැල්ලමක් තියෙන, කන්ටේනර් පන්නලා දක්ෂතාවයක් තියෙන, ඔහු වැරදිකාරයෙක් බවට පත්වෙච්ච වාර්තාවක් ජනාධිපතිවරයාගේ මේසය උඩ තියෙද්දි ඔබ ජනාධිපති ලේකම් බවට පත්කරනවා. එදා ඉඳන් කන්ටේනර් පනිනවා වරායෙන්. අසීමිත බදු ගහනවා.

මේ රටේ තමන්ගේ වංචාවන් දූෂණයන් වහගන්න, තමන්ගේ වංචාවන් දූෂණයන් වහගන්න ආණ්ඩුව මොකක්ද කියන්නේ? ඒ බර රටේ ජනතාව පිට දානවා. හින්දා ජනතාව අසීමිත බදු ගෙවනවා. ඒ ගෙවන බදු ආණ්ඩුවෙන් වැරදි ගිණුමකට දානවා. වැරදි ගිණුමකට දාන සල්ලි ටික හොයාගන්න ආයෙ ආණ්ඩුවෙන් බද්දක් ගහනවා. ඒ තැනට අද මේ ආණ්ඩුව පත්වෙලා තියෙන්නේ. ​ඇහුම්කන් දෙන්නේ නෑ. තමන්ගේ පක්ෂයට ඇහුම්කන් දෙන්නේ නෑ. රටේ පාක්ෂිකයට ඇහුම්කන් දෙන්නේ නෑ. ඡන්දෙ දීපු අය, නොදීපු අය ආණ්ඩුව ගැන ප්‍රශ්නයක් තියෙනවා නම්, ඒක පෙන්වලා දුන්නාම එයා හොරෙක් බවට පත්වෙනවා. දැන් නීතිඥ සංගමයේ 22 වෙනි සංශෝධනයත් එක්ක, දැන් නීතිඥ සංගමය හොරු බවට පත්වෙලා.   ''

හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් නිවේදනයක් - වාහන නවයක් භාවිතා කරපු කතාවේ ඇත්ත නැත්ත හේතුත් එක්කම කියයි

හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් නිවේදනයක් - වාහන නවයක් භාවිතා කරපු කතාවේ ඇත්ත නැත්ත හේතුත් එක්කම කියයි