ඉන්ධන මිල ආයෙත් වැඩි වෙයි ද..? මුළු බුකියම කැළඹිලා ගිය කතාවෙ ඇත්ත නැත්ත මෙන්න.. (PHOTO)

Report

යළිත් ඉන්ධන මිල වැඩිවන බවට සමාජ මාධ්‍යයේ පැතිර යන තොරතුරු සම්පූර්ණයෙන් අසත්‍ය බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එවැනි අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ගොනුකරන බවයි සංස්ථාවේ සභාපතිවරයා කියාසිටියේ.

මේ අතර ඊයේ(24) රාත්‍රියේ ඉන්ධන මිළ ඉහළ දැමීමක් සිදුවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළව ඇති වාර්තා අසත්‍ය බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery