''ආණ්ඩුව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් මුදල් නැහැ ''ආණ්ඩුවේ බංකොලොත් බව ගැන හිටපු ඇමති බන්දුල කට අරියි

Report

මෙරට තුළ ඇති වෙන ස්වභාවික විපත් හෝ භාහිර රටවල ඇති වෙන කම්පනකාරි තත්ත්වයක් තුළ හෝ ඒවාට මුහුණදීමට තරම් ප්‍රමාණවත් මූල්‍යමය හැකියාවක් ලංකාව සතු නොමැති බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කර තිබේ.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ හෝමාගම ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. කුමන ආණ්ඩුවක් බලයට පත්වුවද රට පවත්වා ගැනීමට අවශ්‍ය රුපියල් සහ පිටරට ගනුදෙනු සිදුකිරීමට අවශ්‍ය ඩොලර් අප සතුව නොමැති බව එතුමා සදහන් කර තිබේ.

එමෙන්ම ආණ්ඩුවේ මෙම වසරේ ආදායම රුපියල් ට්‍රිලියන 5.3ක් වන බවත් ආණ්ඩුවේ පුනරාවර්ථන වියදම 5.6ක් වන බවත් ඒ අනුව ආණ්ඩුව පවත්වා ගෙනයාම සඳහා බිලියන 300ත් 400ත් අතර මුදලක් හිඟ වන බව ද හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.

පඩි වැඩි කරලා තියෙද්දිත් වැඩ වර්ජනය කිරීම අසාධා‍රණයි ඇමති නලින්ද කියයි

පඩි වැඩි කරලා තියෙද්දිත් වැඩ වර්ජනය කිරීම අසාධා‍රණයි ඇමති නලින්ද කියයි

තවදුරටත් ඒ මහතා සදහන් කළේ රට තුළ නායයෑම්, සුළි කුණාටු වැනි අභ්‍යත්තර කම්පනයක් ඇති වුණත් රටින් පිට වෙනත් රටවල ඇතිවන යුද්ධ වැනි භාහිර කම්පනයක් ඇති වුණත් එවැනි කම්පනයන්ට මුහුණදීමට අවශ්‍ය ශක්තිමත් ආර්ථික මූල්‍ය තත්ත්වයක් අපේ රට තුළ නොමැති බවයි.

ඒ අනුව රට තුළ පවතින ප්‍රධානම ගැටළුව වනුයේ රුපියල් සහ ඩොලර් නොමැති වීම බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දී ඇත.

අණ නොතැකූ ලොරිය - පොලිස් නිලධාරීන් දෙදෙනා හප්පා පලා ගිහින්

අණ නොතැකූ ලොරිය - පොලිස් නිලධාරීන් දෙදෙනා හප්පා පලා ගිහින්