ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 - ජුනි 18 සිට 21 දක්වා ඔබත් එක්වන්න

Report

ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය 2026 ජුනි 18 සිට 21 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වේ.

රටේ ප්‍රමුඛතම ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයක් ලෙස සැලකෙන මෙම උත්සවය කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලැබෙනවා. වසර 14කට පසුව නැවත ආරම්භ වන මෙම ප්‍රදර්ශනයට දේශීය හා ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් රැසක් එක්වීම බලාපොරොත්තු වෙනවා.

මෙහිදී අපනයනකරුවන්, ආයෝජකයින්, වෙළඳ නියෝජිතයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් ඇතුළු පිරිස් එක්රැස් වී ශ්‍රී ලංකාවේ අපනයන හැකියාවන්, ආයෝජන විභවය හා සංස්කෘතික විවිධත්වය ගෝලීය ප්‍රේක්ෂකයින් වෙත ප්‍රදර්ශනය කිරීම අරමුණු කර තිබෙනවා.

සිව් දින පුරා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ගෝලීය වෙළඳාම, උපායමාර්ගික හවුල්කාරිත්වයන්, විදේශ සෘජු ආයෝජන හා බහුවිධ අංශ හරහා නව ව්‍යාපාරික අවස්ථා සඳහා දොරටුවක් ලෙස ක්‍රියා කරන බව සංවිධායකයින් පවසනවා.

ප්‍රදර්ශනයේදී ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය ශක්තිමත් කිරීමට B2B රැස්වීම්, ජාලකරණ සැසි, නිෂ්පාදන ප්‍රදර්ශන, අංශ කේන්ද්‍ර කරගත් ප්‍රදර්ශන ඇතුළු වැඩසටහන් රැසක් සැලසුම් කර තිබෙනවා.

ලියාපදිංචිය දැනටමත් නිල වෙබ් අඩවිය හරහා විවෘතයි: https://srilankaexpo.lk