හොරෙන් මෙරට රැඳී සිටි චීන ජාතිකයන් 125ක් චීනයට පිටුවහල් කරයි
ලංකාවේ නීතිවිරෝධී ලෙස තුළ රැඳී සිටි චීන ජාතිකයන් 125 දෙනෙකු අද (30) දින අලුයම චීනය වෙත පිටුවහල් කර ඇත.
මොවුන් අතරින් 06 දෙනෙකු චීන ජාතික කාන්තාවන් වන බව මොවුන් සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ , අනුරාධපුරය ප්‍රදේශයේ පරිගණක ක්ෂේත්‍රයේ රැකියා වල නිරත වී සිටියදී පසුගිය (17) දින ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඉන්පසුව ආගමන විගමන පාළක ජනරාල්වරයාගේ නියෝග මත ඔවුන් මෙරටින් පිටුවහල් කරන තෙක් වැළිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා තිබේ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඔස්සේ එරටට මේ පිළිබඳ දැනුවත් කරන ලදි .
මෙම පිරිස රැගෙන යාම සඳහා විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි එම ගුවන් යානයෙන් එරට වෛද්‍යවරුන් පිරිසක් සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත .
අද (30) දින අලුයම 12.00 මෙම චීන ජාතිකයන් පිරිස සමග චීන වෛද්‍යවරුන් , ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් 06 දෙනෙකු ද රැගෙන මෙම චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් , විශේෂ ගුවන් යානය චීනයේ වූහාන් ( Wuhan ) නුවර බලා පිටත්ව ගොස් තිබෙන බව වාර්තා වේ.