රන් බිස්කට් 08ක් කටුනායකින් පිට කිරිමට උත්සහ කිරිමේ දී ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක්ට සිදු වූ දේ..

Sri Lanka
By krishani Sep 27, 2022 10:20 AM GMT
krishani

krishani

Report

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා කිලෝග්‍රෑම් එකක් බරැති රන් බිස්කට් 08ක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට උත්සාහ කළ ගුවන් තොටුපොළ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙකු අද (27) දහවල් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අද දින උදෑසන ඩුබායි සිට පැමිණි ඉන්දීය ජාතික ගුවන් මගියෙකු විසින් මෙම රන් බිස්කට් තොගය කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ දී මෙම ආරක්ෂක නිලධාරියාට ලබාදෙන්නට ඇති බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සැක කරයි.

එම ආරක්ෂක නිලධාරියා රන් බිස්කට් තොගය තම කළිසම් සාක්කුවේ සඟවාගෙන ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු පරිශ්‍රය පසු කරගෙන යෑමට උත්සාහ දරමින් සිටිය දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha