හෙට මධ්‍යම රාත්‍රියේ සිට මුලු රටම වසා දැමීමේ සූදානමක්??..අලුත්ම ආරංචිය මෙන්න.
ශ්‍රී ලංකාව තුළ ඩෙල්ටා වෛරස් ආසාදනය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම සහ රෝහල් තුළ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් හෙට මධ්‍යම රාත්‍රියේ සිට සති දෙකක කාලයක් රට වසා දැමීමට කටයුතු කිරීමට රජය තීරණය කර ඇති බව දැනගන්නට ඇත.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ උපදෙස් මත හෙට මධ්‍යම රාත්‍රියේ සිට රට වසා දැමීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති අතර මහජනතාව විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි දැනට සලකා බලමින් සිටින බව ද සඳහන් වේ.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් ගත යුතු ප්‍රධාන තීරණ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු ඉහළ නිලධාරීන් සමඟ හදිසි සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ද වාර්තා වේ.
පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් සති තුනක්වත් රට වසා දමන ලෙස පාලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් හිතවතුන් 10 දෙනෙකු ජනාධිපතිවරයාගෙන් හදිසි ඉල්ලීමක් කර තිබේ.
මෙම සන්දර්භය තුළ හෙට මධ්‍යම රාත්‍රියේ සිට සති දෙකක කාලයක් රට මුළුමනින්ම අඩාල කිරීමට රජය තීරණය කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
මෙම කාලය තුළ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්ට පමණක් ගමන් කිරීමට ඉඩ දීමට ද තීරණය කර ඇත.
මේ අතර,ගගන අප ජනාධිපති ලේකම් කාර්යාලය සම්බන්ධ කරගනිමින් කළ විමසීමකදී මෙහි නියෝජිතයකු සඳහන් කළේ තීරණයක් ගෙන නොමැති අතර නිළ තොරතුරු අද සවස නිකුත් කරන බවයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
