එල්නිනෝ නිසා රත් වෙලා හිටපු ගොවියන්ට සතුටු හිතෙන ආරංචියක් - සියලු බෝග ආවරණය කරමින් කරන්න යන දේ

Report

කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් සෑම බෝගයක්ම ආවරණය කරමින් රක්ෂණ යෝජනා ක්‍රම හඳුන්වාදී එම වගාවන්වලට ස්වභාවිකව සිදුවන ආපදාවන් ආවරණය කිරීමට වැඩලපිළිවෙලක් සකසා ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙහිදී ප්‍රමුඛත්වයක් ගනු ලබන්නේ කුරුඳු, රබර්, කෙසෙල්, තේ හා පොල් යන වගා ක්ෂේත්‍රයි. එසේම බිත්තර වී ගොවිපොළවල් ඉලක්ක කර ගනිමින් ද මෙම රක්ෂණ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.

එම සියළුම වගා රක්ෂණ යෝජනා ක්‍රම සඳහා සහනදායී වාරික මුදලක් යටතේ දායකත්වය ලබා ගැනීමට හැකියාව පවතියි.

අස්වැසුම ගැන විශේෂ දැනුම්දීමක් - මේ අයගේ දීමනාව පමණක් අද බැංකු ගිණුම්වලට

අස්වැසුම ගැන විශේෂ දැනුම්දීමක් - මේ අයගේ දීමනාව පමණක් අද බැංකු ගිණුම්වලට

එමෙන්ම අනපේක්ෂිත හදිසි, ස්වාභාවික ආපදාවලදී තම වගාවන්වලට වන හානිය මෙමඟින් ආවරණය කරගැනීමේ හැකියාවක් දේශීය ගොවීන්ට සලසා දී තිබෙනවා.

වගාවන් නිතර දේශගුණික හා කාලගුණික විපර්යාසයන් හේතුවෙන් අවදානමට ලක් වෙන අතර ඉදිරියේදී වර්තමානයේ ඇතිවන 'එල්නිනෝ' ස්වභාවික ආපදා තත්ත්වය හමුවේ කෘෂිකර්මාන්තයට දැඩි අවදානමක් ඇතිවිය හැකි බව පරිසර විද්‍යාඥයන් පවසයි.

අද සිට ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 9ක මිල පහළට - නවතම මිල ගණන් මෙන්න

අද සිට ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 9ක මිල පහළට - නවතම මිල ගණන් මෙන්න

එබැවින් මෙම රක්ෂණ යෝජනා ක්‍රම වැදහත් වේ.

මේ සම්බන්ධයෙන් වැඩි විස්තර කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයෙන් සහ දිවයින පුරා පිහිටුවා ඇති දිස්ත්‍රික් කාර්යාල 30න් ලබා ගැනීමට හැකි අතර 1918 ඇමතුම් අංකය මඟින්ද අවශ්‍ය විස්තර ලබාගත හැකි බව දන්වයි.

ලංකාවේ ඉන්ධන මිල අඩු කිරීම ගැන ඉඟියක් - ලබන සිකුරාදා වෙන්න යන අලුත්ම වෙනස - ඇමති නලින්ද කරුණු හෙළි කරයි

ලංකාවේ ඉන්ධන මිල අඩු කිරීම ගැන ඉඟියක් - ලබන සිකුරාදා වෙන්න යන අලුත්ම වෙනස - ඇමති නලින්ද කරුණු හෙළි කරයි