අස්වැසුම ගැන විශේෂ දැනුම්දීමක් - මේ අයගේ දීමනාව පමණක් අද බැංකු ගිණුම්වලට

Report

'අස්වැසුම' සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම අද (18) දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව, ප්‍රතිලාභී පවුල් 1,373,248ක් වෙනුවෙන් රුපියල් 10,904,801,250.00ක (එක්දහස් අනූ කෝටි හතළිස් අට ලක්ෂ එක් දහස් දෙසිය පනහක) මුදලක් අද දින අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම බැර කෙරෙයි.

අද සිට ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 9ක මිල පහළට - නවතම මිල ගණන් මෙන්න

අද සිට ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 9ක මිල පහළට - නවතම මිල ගණන් මෙන්න

මේ අතර ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති / කොමසාරිස් නිමල් කොටවලගෙදර මහතා ප්‍රකාශ කළේ, මෙම ගෙවීම් කටයුතු සිදු කරන්නේ 'අස්වැසුම' පළමු අදියරේ ප්‍රතිලාභීන් වෙනුවෙන් පමණක් බවයි.

එබැවින් අද දින සිට අදාළ ප්‍රතිලාභීන්ට තමන්ගේ 'අස්වැසුම' බැංකු ගිණුම් හරහා මෙම මුදල් ලබා ගැනීමට හැකියාව ඇති බව සඳහන්.  

EPF සහ ETF වලට කරන්න යන අලුත්ම දේ මෙන්න

EPF සහ ETF වලට කරන්න යන අලුත්ම දේ මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්