ක්‍රිකට් වෙනුවෙන් රටම බලාපොරොත්තු වන සතුටුදායක තීරණයක් ගන්න යයි..
ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට ඒකාබද්ධ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී හෙට (09) විවාදයට ගෙන ඡන්දයකින් සම්මත කර ගැනීමට අද (08) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් මේ බව තහවුරු කළා.
මෙම තීරණයට එළඹ ඇත්තේ, ක්‍රිකට් ආයතනය පිළිබද පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකඟත්වයෙන් තීරණයක් ගැනීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් පස්වරු 1.30 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමෙන් අනතුරුවයි.