මේ රාජ්‍ය නිලධාරීන්ට සුභ ආරංචියක් - සෑම බදාදා දිනකම ක්‍රියාත්මකයි
අධිකරණ නිලධාරීන්ගේ ගැටලු වීඩියෝ තාක්ෂණය ඔස්සේ කඩිනමින් විසඳීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් පවසන්නේ තම ගැටලු කොළඹ පිහිටි අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට පැමිණිමේදී අධිකරණ නිලධාරීන්ට විවිධ ප්‍රයෝගික දුෂ්කරතාවන්ට මුහුණපෑමට සිදුවන බව නිරීක්ෂණයවීම හේතුවෙන් මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ අධිකරණ නිලධාරීන්ගේ ගැටලුවලට සෑම බදාදා දිනකම පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 දක්වා සවන්දීමට නියමිතය.
මෙම පහසුකම හරහා තම ගැටලුව ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන අයකු වේ නම් 0779121003 දරන වට්ස්ඇප් දුරකථන අංකය ඔස්සේ ලියාපදිංචි වන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දී ඇත. දැනට පවතින භෞතිකව පැමිණීමේ ක්‍රමවේදයට අමතරව වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිය ගැටලු ඉදිරිපත් කිරීමට හැකිවන බව දැනුම් දෙන අධිකරණ සේවා කොමිෂන් සභාව ඒ අනුව අදාළ ගැටලුවලට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සවන්දී ඉතා කඩිනමින් විසඳුම් ලබාදීමට අපේක්ෂා කරන බවද සඳහන් කරයි.