07 වෙනිදා රට විවෘත කිරීම බරපතළ ප්‍රශ්නයක්..රට තුළ භයානක තත්ත්වයක්..(VIDEO)

Corona Sri Lanka PHI Ajithi Rohana Locke dowun
By Aruna Jun 02, 2021 07:19 AM GMT
Aruna

Aruna

Report

සංචරණ සීමා නොසලකා හරිමින්, සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් මහජනතාව ඉතාම කණගාටුදාක ලෙස කටයුතු කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, මේ කණගාටුදායක තත්ත්වය ඉදිරි දින කිහිපයෙත් තිබුණහෝත් රට විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවෙන බවය.

උපුල් රෝහණ – “සංචරණ සීමා දින 14ක් පනවලා තියෙද්දි පසුගිය දින තුනේ අපි විශේෂයෙන්ම දැකපු ප්‍රවනතාවයක් තමයි මහජනතාව සංචරණ සීමා නොසලකා ඉතාම කණගාටුදාක ලෙස සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරනවා.

මේ තත්ත්වයට පොදුවේ මහජනතාව වගේම රාජ්‍ය ආයතන ප්‍රධානීන්, පෞද්ගලික ආයතන ප්‍රධානීන් වගකිවයුතුවනවා.

විශේෂයෙන් ඇතැම් පුද්ගලික ආයතන කිසිසේත් අත්‍යවශ්‍ය සේවා නොවන ආයතන සේවකයින් කැඳවමින් ඔවුන්ගේ ලාභ ලබාගැනීමේ අරමුණු කරගෙන කටයුතු කරනවා කියලා අපිට දිගින් දිගටම පෙනෙන්නට තිබෙනවා.

මේ කණගාටුදායක තත්ත්වය ඉදිරි දින කිහිපයෙත් තිබුණහෝත් මේ රට ඉදිරි දින කිහිපයේද විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවෙනවා.

ඒවාගේම මේ සැරිසරන සියලුදෙනාත්, සෞඛ්‍ය උපදෙස් කඩකරන සියලුදෙනාත්, රටේ අනෙකුත් මහජනතාවත් භයානක තත්ත්වයකට තල්ලුවෙමින් යන බවට පෙන්න තිබෙනවා.

අපිට මේක ජුනි මාසයේ දෙවන සතිය වෙද්දි යම් තරමකට අඩුවක් ලබා ගන්න නම් අපි විශේෂ කැපකිරීමක් කරන්න ඕනේ රටේ මහජනතාව.

මේ සංචරණ සීමා කඩකිරීම මේ විදියටම ගියොත් මහජනතාව වගකීමෙන් තොරව කටයුතු කළහොත් අපි ඉතාමත් කණගාටුදායක තැනකට රටක් විදිහට තල්ලුවෙමින් තිබෙනවා.

අපි බලාපොරොත්තු වූ ලෙස සංචරණ සීමා රකින්නේ නැහැ.

සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ නැහැ මහජනතාව ඒ වාගේම ආයතන මට්ටමින් මේ උපදෙස් පිළිපදින්නේ නැහැ. ඔවුන්ට දී ඇති ආයතන පවත්වාගෙන යාමට අවශ්‍ය අවම කාර්යමණ්ඩලය කැඳවන්න දීලා තියෙන බලතල අවභාවිත කරන බවට පෙනෙන්න තිබෙනවා.

ඒ නිසා මේ විදිහට ගියොත් මේ රෝගීන් කිසිසේත් ඉදිරියට අඩුවෙන්නේ නැහැ.

ඒවගේම මරණ සංඛ්‍යාව දෛනිකව වැඩිවෙනවා. ඒ නිසා මරණ වැඩිවීම රෝගීන් වැඩිවීම තවදුරටත් ඉදිරියට මෙලෙස සිදුවෙන්නට පුළුවන්.

මේ විදිහට සංචරණ සීමා නොතකමින් වගකීමෙන් කටයුතු නොකළහොත්.“

ප්‍රශ්නය :- මෙහෙම ගියොත් 07 වෙනිදා රට අරින්න බැරිවෙයිද?

උපුල් රෝහණ – දැනට පවතින තත්ත්වය මත 07 වනදා රට විවෘත කරන්න පුළුවන්ද කියන බරපතළ ගැටලුවක් අපි ඉදිරියේ තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now