හෙන ගහන අපරාධ ළමයින්ට ලිංගික අතවර ළමා ගැබ් ගැනීම් දහස් ගාණක්

Report

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ ‍මේ වසරේ ගතවූ පළමු මාස 9 තුළ ළමුන්ට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 414ක් හා බරපතළ ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් පැමිණිලි 192ක් ලැබී ඇති බවයි.

මේ වසරේ ජනවාරි මස පළමු වන දින සිට සැප්තැබ්මර් මස 30 වන දින දක්වා කාලය තුළ ජාතික ළමා රක්ෂක අධිකාරියට පැමිණිලි 7,677ක් ලැබී ඇති බව සඳහන්ය.

මට පද්මේ හම්බුණේ ඩුබායි ගිහින් - පද්මේ එක්ක සම්බන්ධෙ හෙළි කරන ශ්‍රීමාලි

මට පද්මේ හම්බුණේ ඩුබායි ගිහින් - පද්මේ එක්ක සම්බන්ධෙ හෙළි කරන ශ්‍රීමාලි

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් සදහන් කළේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පනතට අදාළව පැමිණිලි 6,296ක් සහ ළමා ආරක්ෂක අධිකාරියේ පනතට අදාළ නොවන පැමිණිලි 1,381ක් වන බවයි.

ළමා ආරක්ෂක අධිකාරී පනතට අදාළව ලැබුණු පැමිණිලි අතර ස්ත්‍රී දූෂණයට සම්බන්ධ පැමිණිලි 49ක්, ළමා ශ්‍රමිකත්වය සම්බන්ධ පැමිණිලි 111ක් සහ සිගමන් යෙදවීම සම්බන්ධ පැමිණිලි 203ක් වේ.

රනිල් වික්‍රමසිංහට ආයෙත් නඩුවක් - හෙට විත්ති කූඩුවට

රනිල් වික්‍රමසිංහට ආයෙත් නඩුවක් - හෙට විත්ති කූඩුවට

එම පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් සැප්තැම්බර් මාසය තුළ ලැබී ඇති අතර එම පැමිණිලි සංඛ්‍යාව 1,176කි. ළමා ආරක්ෂක අධිකාරී පනතට අදාළ නොවන වෙනත් පැමිණිලි අතර යොවුන් වියේ ගැබ් ගැනීම් සම්බන්ධ පැමිණිලි 62ක් ලැබී ඇත.

වැඩිදුරටත් දත්ත වාර්තා කරන ආකාරයට ළමයින්ට එරෙහි සයිබර් හිංසන සම්බන්ධ පැමිණිලි 102ක් ද ගෘහස්ථ හිංසනය සම්බන්ධ පැමිණිලි 38ක් ද, සියදිවි නසා ගැනීමට තැත් කිරීම සම්බන්ධ පැමිණිලි 13ක් ද ගබ්සා කිරීම සම්බන්ධ එක් පැමිණිල්ලක් ද ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

ඔයා වෙනුවෙන් මගේ හදවතේ ආදරේ පිරිලා අපි සංසාර හමුවීමක් සනත්ගේ බිරිද සුභ පතයි

ඔයා වෙනුවෙන් මගේ හදවතේ ආදරේ පිරිලා අපි සංසාර හමුවීමක් සනත්ගේ බිරිද සුභ පතයි

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පැමිණිලි 83ක් මේ වසරේ ගතවූ කාලය තුළ ලැබී ඇති අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ළමුන් යොදාගැනීම සම්බන්ධ පැමිණිලි 27ක්, වයස අඩු 16ට අඩු ළමයින්ට මත්ද්‍රව්‍ය වෙළෙදාම සම්බන්ධ පැමිණිලි 3ක් ද ලැබී තිබේ.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්තා පද්මිණී වීරසූරිය මහත්මිය කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් පැවසුවේ මත්ද්‍රව්‍ය භාවිතයට දරුවන් නැඹුරුවීමේ ප්‍රවණතාවක් පවතින බවයි.