ඔයා වෙනුවෙන් මගේ හදවතේ ආදරේ පිරිලා අපි සංසාර හමුවීමක් සනත්ගේ බිරිද සුභ පතයි [PHOTOS]
කලා ලෝකයේ සියලු දෙනාගේම අවධානය දිනාගත් සිදුවිමක් ලෙස සිංහල සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පි සනත් ගුණතිලක සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක හා චිත්‍රපට නිෂ්පාදිකාවක් වන ජානකී විජේරත්න විවාහය.
ඔවුන් දෙදෙනා පිළිබදව යම් යම් පුවත් මතුවුවද ඒ සියල්ල සත්‍ය කරමින් මීට මාස හයකට පෙරම දෙදෙනා නීත්‍යානුකූලව විවාහ වූ බව ඔවුන් හෙළි කර තිබේ.
මෙවැනි තත්ත්වයක රංගන ශිල්පී සනත් ගුණතිලකගේ ආදරණිය බිරිද ජනප්‍රිය රංගන ශිල්පිනියක හා චිත්‍රපට නිෂ්පාදිකාවක් වන ජානකී විජේරත්න තම සැමියාගේ උපන්දිනය වෙනුවෙනේ සුභ පැතුමක් තම මුහුණු පොතේ එක්කර තිබේ.
විශ්වය මට මුණගස්වපු සොඳුරුතම හමුවීම ඔයා.
මෙතෙක් මට අහිමි වූ මගහැරුණු සියලු දේ නිසාම, මගේ පුතා හැරුණු කොට මට හිමිවුණු වටිනාම හිමිවීමත් ඔයා..
අපේ හමුවීමත්, අපේ හිමිවීමත් සංසාරෙක හුරු බව නිසාම සිදුවුණු අපූරු ගැලපීමක්..
ඔයා වෙනුවෙන් මගේ හදවත පුරාම ආදරය පිරුණු බව පමණක් කියන්නම්. සුභ උපන්දිනයක් වේවා…
මගේ හදවත ආදරයෙන් පිරිමැද, මගේ හද සසල කරවපු ප්‍රේමණීයම ප්‍රේමයට ආදරෙයි මං හැමදාමත්…
#sanathgunathilake #husband #birthday #family #loveyou
