මාලදිවයින සහ මෙරට අතර අවබෝධතා ගිවිසුම් 7ක්
By Mithu
මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර සබඳතා නව මානයකට රැගෙන යමින් වැදගත් අවබෝධතා ගිවිසුම් (MoU) 07ක් සඳහා අත්සන් තැබීම ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනාධිපතිවරයා අතර පැවති ද්වීපාර්ශවික සාකච්ඡාවලින් අනතුරුව, දෙරටේ පොදු යහපත උදෙසා මෙම ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පුළුල් කිරීමට එකඟතාව පළ කර ඇත.