ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි - දිවා ආහාරයට තරගය නවත්වද්දී පකිස්ථානය ස්ථාවර තැනක

Report

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (09) පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වී තිබේ.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දු යැවීමට තීරණය කර තිබේ. ඒ අනුව පාකිස්තානය පළමුව පන්දුවට පහර දෙයි.

පළමු දිනයේ දිවා විවේකය වන විට පාකිස්තානය කඩුලු 2කට ලකුණු 137යි තරගයේ පළමු දිනයේ දිවා විවේකය සඳහා තරගය නතර කරන විට පාකිස්තානය සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 30ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 137ක් රැස්කරගෙන සිටියේය.

පාකිස්තාන ඉනිම වෙනුවෙන් මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන තායිබ් අරිෆ් පන්දු 51කදී ලකුණු 57ක් රැස්කරමින් කැපී පෙනුණි.

ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් ඇතුළත් විය. අසාන් අවායිස් ලකුණු 30කට දැවී ගිය අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු කඩුල්ල දවාගැනීමට මිලාන් රත්නායක සමත් විය.

අනතුරුව අරිෆ්ගේ කඩුල්ල දවාගත්තේ අසිත ප්‍රනාන්දු විසිනි. එම උඩපන්දුව කඩුලු රකින කුසල් මෙන්ඩිස් විසින් රැකගනු ලැබීය. මේ වනවිට නොදැවී පන්දුවට පහරදෙන බාබර් අසාම් ලකුණු 31ක් සහ මොහොමඩ් තහා ලකුණු 15ක් ලබා සිටිති.

ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 47ක සබඳතාවක් ගොඩනැඟී තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් මිලාන් රත්නායක සහ අසිත ප්‍රනාන්දු එක් කඩුල්ල බැගින් දවාගෙන සිටින අතර, පළමු සැසියේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් තවත් කඩුලු ලබාගැනීමට අවස්ථා කිහිපයක් ගිලිහී ගියේය.

ඒ අනුව දිවා විවේකයෙන් පසුව ආරම්භ වන දෙවැනි සැසියේදී පාකිස්තාන ඉනිම පාලනය කිරීම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ප්‍රධාන අභියෝගය වනු ඇත.

වැස්ස මැද තියුණු සටනකින් ඉන්දියාවට ජය - පන්දු යවන්නන් පිටියේ රජ වෙයි!

වැස්ස මැද තියුණු සටනකින් ඉන්දියාවට ජය - පන්දු යවන්නන් පිටියේ රජ වෙයි!

IPL 2027ට පෙර ක්‍රිකට් පිටියේ ලොකු පෙරළියක් - ක්‍රීඩක මාරුවීම් අතර හර්දික් ගැනත් අලුත් ආරංචියක්

IPL 2027ට පෙර ක්‍රිකට් පිටියේ ලොකු පෙරළියක් - ක්‍රීඩක මාරුවීම් අතර හර්දික් ගැනත් අලුත් ආරංචියක්