පාන් බනිස් මිලත් අහස උසටම.. නව මිල ගණන් මෙන්න.. ?
Sri lanka
Bakery products
Prices go up
Sri lanka trending news
Owners
By krishani
පිටි මිල ඉහළ යාමට සාපේක්ෂව බේකරි නිෂ්පාදන මිලත් ඉහළ දැමීමේ සූදානමක් පිළිබඳව තොරතුරු ආරංචි වෙනවා.
දැනට වෙළෙඳපොළේ ග්‍රෑම් 450 පාන් ගෙඩියක් රු 110කට අලෙවි වන අතර, තිරිඟු පිටි ඉහළ යාමත් සමග බේකරි නිෂ්පාදන සදහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල මිල 70%කින් පමණ ඉහළ ගොස් ඇති බව ද බේකරි හිමියන් සඳහන් කළා.
පාන් රාත්තලක මිල රුපියල් 30කින් වැඩි කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
මේ අතර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 බැගින් වැඩිවන බව වාර්තා වෙයි.
එම මිල වැඩිවීම අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවද එම සංගමය මාධ්‍ය හමුවකදී පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |