ඔබත් පරිස්සමෙන්.. ATM වලින් මුදල් කොල්ල කන නවතම ක්‍රමය මෙන්න..

srilanka bank Atm
By Sithumi Nov 24, 2021 12:59 PM GMT
Sithumi

Sithumi

Report

හැටන් නගරයේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු කීපයක A.T.M. යන්ත්‍ර වලින් මුදල් සොරා ගන්නා සංවිධානාත්මක කණ්ඩායමක් ගැන තොරතුරු අනාවරණය වී ඇති බව බැංකු කළමනාකරුවන් පැවසීය.

මෙම කණ්ඩායම A.T.M. කාඩ් භාවිත කිරීමට දැනුමක් නොමැති පුද්ගලයන් පිළිබඳව විමසිල්ලෙන් සිට ඔවුන්ට මුදල් ගැනීමට සහය වීමට පැමිණෙයි. එහිදී A.T.M. යන්ත්‍රයට අදාළ කාඩ්පත ඇතුල් කර එහි රහස් අංකය යොදා ගිණුමේ අයිතිකරුවන්ට එහි මුදල් නොමැති බව පවසන බව අනාවරණ වී තිබේ.

අනතුරුව A.T.M. යන්ත්‍රය තුළට දැමූ කාඩ්පත සඟවාගෙන ඔවුන් සොරකම් කර සන්තකයේ තබාගෙන සිටින වෙනත් අවලංගු කාඩ්පතක් ගිණුම් හිමියා වෙත ලබාදෙයි. පසුව අදාළ A.T.M. කාඩ්පත භාවිත කර වෙනත් ස්ථානයකින් අදාළ ගිණුමේ ඇති මුදල් ලබාගැනීම සිදුකරයි. 

 මෙලෙස සොරකම් කරන ලද කාඩ්පත් භාවිත කර කොළඹ සහ ගාල්ල වැනි ප්‍රදේශවලින් මුදල් ලබාගෙන ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වී ඇති බව බැංකු කළමනාකරුවන් අප සමඟ පැවසීය. මෙලෙස තම ගණුදෙනුකරුවන්ගේ ගිණුම්වලින් මෙම සංවිධානාත්මක පිරිස් විසින් මේ වන විට රුපියල් ලක්ෂ ගණනක් සොරාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව කළමණාකරුවන් වැඩිදුරටත් පවසයි. 

මෙලෙස මුදල් අතුරුදන්ව ඇති ගිණුම් හිමිකරුවන් විසින් මේ වනවිට හැටන් පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ. අප මේ සම්බන්ධව හැටන් පොලීසියෙන් කළ විමසුමකදී එහි උසස් නිලධාරියෙක් කියා සිටියේ, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now



ReeCha