මෙරට හමුදා නිලධාරියෙක් වාර්තාවක් තබන්න යයි.(VIDEO/PHOTOS)
By Aruna
යාපනය - ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ස්ථාපිත 3 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ගිනස් වාර්තාවක් තැබීමේ අරමුණින් දින 12 ක් තුළ කිලෝමීටර 578 ක දුරකින් සමන්විත යාපනය, පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා පා ගමනක් ඊයේ දින ආරම්භ කරනු ලැබුවා.
මාණ්ඩලික සැරයන් කේ.අයි.එස්. කීර්තිරත්න සිය පාගමන ආරම්භ කරමින් කිලිනොච්චිය, වවුනියාව, මැදවච්චිය, අනුරාධපුරය, කුරුණෑගල, කොළඹ, අලුත්ගම, ගාල්ල සහ මාතර ප්‍රදේශයන් පසුකරමින් මෙම මස (සැප්තැම්බර්) 17 දින දෙවුන්දර තුඩුව වෙත පැමිණ පාගමන අවසන් කිරීමට සූදානමින් සිටින බවයි පැවසෙන්නේ.
ඉන්දික සෙනරත් හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙලෙස පැවසීය.













