25 වෙනිදා ඉඳන් කොළඹ පොත් ප්‍රදර්ශනයට එන අයට විශේෂ දැනුම්දීමක් - කිසිදු පාරිභෝගිකයෙකුට මේවා නොමිලේ දෙන්න බෑ

Report

මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් පොත් මිලදී ගැනීමට පැමිණෙන විට, ඒ වෙනුවෙන් සුදුසු පරිසර හිතකාමී නැවත භාවිත කළ හැකි බෑගයක් රැගෙනවිත් පරිසරය සුරැකීමට දායක වන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඉකුත් වසරවල පැවැති පොත් ප්‍රදර්ශනවලදී පොත් රැගෙන යාමට පාරිභෝගිකයන් විශාල ලෙස ප්ලාස්ටික් බෑග් (සිලි සිලි මලු) භාවිත කර ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා.

එසේම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතට අනුව නිකුත් කළ අංක 2456/41 දරන 2025 ඔක්තෝබර් මස 01 වැනි දිනැති ගැසට් නිවේදනයට අනුව, අතලු සහිත 'සිලි සිලි මලු' කිසිදු පාරිභෝගිකයෙකුට නොමිලේ ලබා නොදිය යුතු බව සඳහන්.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කරයි - දිවයින පුරා පැවැත්වෙන දින මෙන්න

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කරයි - දිවයින පුරා පැවැත්වෙන දින මෙන්න

එම බෑග් මුදලට විකුණන්නේ නම්, අය කරන මුදල බිල්පතේ පැහැදිලිව සඳහන් කළ යුතු බවට ද නීතියෙන් නියෝග කර ඇති බව වාර්තා වේ.

තනි භාවිත පොලිතීන් සහ ප්ලාස්ටික් හේතුවෙන් පරිසරයට සිදුවන හානිය වැළැක්වීම මෙම නීති මඟින් අපේක්ෂා කරයි. ඊට අමතරව, පහත සඳහන් තනි භාවිත ප්ලාස්ටික් සහ පොලිතීන් නිෂ්පාදන රට තුළ විකිණීම, නොමිලේ ලබා දීම, ප්‍රදර්ශනය හෝ භාවිතය නීතියෙන් තහනම් කර තිබෙනවා.

තනි භාවිත ප්ලාස්ටික් බීම බට සහ කලතන තනි භාවිත ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු සහ පිහි පොලිතීන් අමුද්‍රව්‍ය ලෙස යොදා සකසන ලද ආහාර දවටන (Lunch Sheets) ඒ හේතුවෙන් පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේ පිහිටි ආහාර විකුණුම් ස්ථානවලදී ද මෙම තහනම් ප්ලාස්ටික් හා පොලිතීන් වර්ග කිසිදු අයුරකින් භාවිත නොකිරීමට අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණ ඇත.

හෙටයි අනිද්දයි ලංකාවට වෙන්න යන දේ ගැන දැන්මම රතු එළි - ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක පුද්ගලයින්ට වහාම ඉවත් වෙන්නයි නිවේදන

හෙටයි අනිද්දයි ලංකාවට වෙන්න යන දේ ගැන දැන්මම රතු එළි - ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක පුද්ගලයින්ට වහාම ඉවත් වෙන්නයි නිවේදන

2026 සැප්තැම්බර් මස 25 වන දින ආරම්භ වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අතරතුර, වෙළෙඳුන් සහ පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය හා එක්ව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

ඒ අනුව "නුවණින් කියවමු - නුවණින් රැගෙන යමු" යන තේමාව යටතේ මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වන බව ඒම අධිකාරිය සඳහන් කරයි. 

ඉදිරි පැය 36 තුළ නිරිතදිග ප්‍රදේශවලට තද වැසි සහ සුළං - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනාවැකියක්

ඉදිරි පැය 36 තුළ නිරිතදිග ප්‍රදේශවලට තද වැසි සහ සුළං - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනාවැකියක්