ශ්‍රී ලංකා බංග්ලාදේශ තීරණාත්මක අවසන් තරගය ඇරඹෙයි..
Cricket
Sri Lanka Cricket
Bangladesh Cricket Team
ICC Men
By Aruna
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.
එහිදී පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජය සිල්වා තීරණය කළේ ය.
අද තරගය බංග්ලාදේශයේ චත්තොග්‍රම්හිදී පැවැත්වේ දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 327කින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගනු ලැබුවා.
ඒ අනුව මෙම තරගාවලිය එකට බින්දුවක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවෙයි.
මේ හේතුවෙන් අද තරගය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් තරගයක් වනවා.
