කිරිපිටි භාවිතා කරන රටවල් අතර ශ්‍රී ලංකාවට ලැබුණ තැන..
ලෝකයේ වැඩිපුරම කිරිපිටි භාවිතා කරන රටවල් පහ අතරට ශ්‍රී ලංකාව ද පත්ව ඇති බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා සඳහන් කළේ ය.
ඒ අද (21) පාර්ලිමේන්තුව අමතා සිටිමින් ය.
එමෙන්ම දියර කිරි සමග සාපේක්ෂව ගත් කළ කිරිපිටි භාවිතා කිරීම පෝෂණය සම්බන්ධයෙන් යහපත් කාරණයක් නොවන බවත් දියර කිරි භාවිතය ප්‍රචලිත කිරීම අභියෝගයක්ව තිබෙන බවත් ඒ මහතා කියා සිටියේ ය.
කෙසේ වෙතත්, මෙරට පශු සම්පත් කාර්යාල 337 ක් පවතින අතර දියර කිරි අලෙවිය ප්‍රචලිත කිරීමට සැබ් ආයතනයේ ද සහයෝගය ගෙන නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.