ලංකාව දකුණු ආසියාව හොල්ලයි - සාම දර්ශකයේ ඉහළටම

By Malith Madushan Jun 11, 2026 04:27 AM GMT
Report

2026 වසරේ ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාව සැලකිය යුතු ධනාත්මක වර්ධනයක් වාර්තා කරමින් 67 වැනි ස්ථානයට පත්ව ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 14ක ඉදිරි ගමනකි.

මෙම දර්ශකය සකස් කිරීමේදී රටවල ආරක්ෂාව, සමාජ ස්ථාවරත්වය, අභ්‍යන්තර හා බාහිර ගැටුම් මට්ටම් ඇතුළු සාධක රැසක් සැලකිල්ලට ගනු ලබයි.

එය සකස් කරනු ලබන්නේ ආර්ථික විද්‍යාව සහ සාමය සඳහා වූ ආයතනය (Institute for Economics and Peace) විසිනි.

ජූනි 15 සිට රටටම වෙන්න යන දේ මෙන්න - රජයෙන් විශේෂ සතියක් ප්‍රකාශයට

ජූනි 15 සිට රටටම වෙන්න යන දේ මෙන්න - රජයෙන් විශේෂ සතියක් ප්‍රකාශයට

වාර්තාවට අනුව, 2026 වසර ගෝලීය සාමකාමීත්වය අඛණ්ඩව පිරිහුණු 12 වැනි වසර ලෙස සටහන් වී තිබේ. මෙවර ලෝක සාමකාමීත්වය පසුගිය වසරට සාපේක්ෂව සියයට 0.7කින් පහත වැටී ඇති බව ද එහි සඳහන් වේ.

ගෝලීය සාම දර්ශකය 2008 වසරේ සිට ප්‍රකාශයට පත් කෙරෙන අතර, එම වසරේ පැවති තත්ත්වයට සාපේක්ෂව රටවල් 119ක් අඩු සාමකාමී මට්ටමකට පත්ව ඇති බව වාර්තාව පෙන්වා දෙයි.

මෙවර ගෝලීය සාම දර්ශකයේ පළමු ස්ථානය අයිස්ලන්තයට හිමිව ඇති අතර, නවසීලන්තය දෙවැනි ස්ථානයත් ස්විට්සර්ලන්තය තෙවැනි ස්ථානයත් හිමි කරගෙන තිබේ.

හදිසියේම තෙල් මිල ඉහළට - හෝමූස් සන්ධිය වැසෙයි - ලෝකයම අනතුරක

හදිසියේම තෙල් මිල ඉහළට - හෝමූස් සන්ධිය වැසෙයි - ලෝකයම අනතුරක

රටවල් 163ක් අතරින් දර්ශකයේ අවසන් ස්ථානය රුසියාවට හිමිව ඇති අතර, 162 වැනි ස්ථානය සුඩානයට හිමිව තිබේ. පසුගිය වසර සමඟ සැසඳීමේදී රටවල් 99ක් සාමකාමීත්වයෙන් පහත වැටී ඇති අතර, රටවල් 62ක් තම සාමකාමීත්ව මට්ටම ඉහළ නංවා ගැනීමට සමත්ව තිබේ.

දකුණු ආසියානු කලාපයේ වැඩිම සාමකාමීත්ව වර්ධනය වාර්තා කිරීමට මෙවර ශ්‍රී ලංකාව සමත්ව ඇති අතර, එය සියයට 2.3ක වර්ධනයකි.

එමෙන්ම, දකුණු ආසියානු කලාපයේ සාමකාමීම රට ලෙස භූතානය පෙරමුණ ගෙන ඇති අතර, ශ්‍රී ලංකාව එහි දෙවැනි ස්ථානය හිමි කරගෙන තිබේ.

මෙම කලාපයේ අවම සාමකාමීත්වයක් සහිත රට ලෙස ඇෆ්ගනිස්ථානය නම් කර ඇති අතර, අසල්වැසි ඉන්දියාවට හිමිව ඇත්තේ පස්වැනි ස්ථානයයි. 

මැදපෙරදිග යළි ඇවිලෙයි - වහාම ක්‍රියාත්මක වන පරිදී කුවේට් ගුවන් කලාපය වසා දමයි

මැදපෙරදිග යළි ඇවිලෙයි - වහාම ක්‍රියාත්මක වන පරිදී කුවේට් ගුවන් කලාපය වසා දමයි