ශ්‍රී ලංකාවේ පස්වැනි සහ හයවැනි IMF සමාලෝචන අද
විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට අදාළ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය අද (27) දින සලකා බැලීමට නියමිතව තිබේ .
ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක වන බව IMF මෙහෙයුම් ප්‍රධානී එවන් පැපාජෝජියෝ සඳහන් කර තිබේ.
ඔහු ප්‍රකාශ කළේ පසුගිය වසර කිහිපය තුළ මෙරට බලධාරීන් විසින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත්කිරීම, විදේශ සංචිත නැවත ගොඩනැගීම සහ ආර්ථිකය පිළිබඳ විශ්වාසය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවයි .
එම උත්සාහයන් ආයෝජකයින්, කොටස්කරුවන් සහ මහජනතාව විසින් හඳුනාගෙන ඇති අතර, එය ආර්ථිකය ශක්තිමත් පදනමක් කරා ගෙන යාමට උපකාරී වන බව ද සඳහන් කර ඇත .
කෙසේවෙතත්, අභියෝගාත්මක බාහිර පරිසරයක් තුළ මෑතකාලීන ගෝලීය ආර්ථික වර්ධනයන් හේතුවෙන් බොහෝ ආර්ථිකයන්ට නව පීඩන එල්ලවී ඇති බවත්, එම තත්ත්වය මඟහැරීම සරල නොවන බවත් එවන් පැපාජෝජියෝ මහතා පෙන්වා දී තිබේ එසේ වුවද, ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති රාමුව අතීතයට වඩා සැලකිය යුතු ලෙස ශක්තිමත් වී ඇති බවත්, ස්ථාවර ප්‍රතිපත්ති මාර්ගයක් පවත්වාගෙන යාම සහ වෙනස්වන තත්ත්වයන්ට ආර්ථිකය හැඩගැසීමට ඉඩදීම මෙතෙක් ලබාගත් ප්‍රගතිය රැක ගැනීමට උපකාරී වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
මේ අතර, ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමේදී ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීප සම්බන්ධතාවය අඛණ්ඩව පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බව ද IMF මෙහෙයුම් ප්‍රධානියා වැඩිදුරටත් ප්‍රකාශ ප්‍රකාශ කර තිබේ.