ලංකාව ගැන තවත් නරක දැනුම්දීමක් - ආසියාවෙන්ම දෙවන තැනට එද්දි භයානක අනතුරු ඇඟවීමක්
ද ඉකොනොමිස්ට් සඟරාවේ නව වාර්තාවකට අනුව, ආසියාවේ දෙවන වඩාත්ම දැරිය නොහැකි නිවාස වෙළඳපොළ වශයෙන් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර තිබෙනවා.
ඒ අනුව වේගවත් නාගරීකරණය හේතුවෙන් මිලියන සංඛ්‍යාත ජනතාවක් ප්‍රධාන නාගරික මධ්‍යස්ථාන කරා යොමු වීමත් සමඟ ආසියාව පුරා නගර දැරිය හැකි නිවාස හිඟයකට මුහුණ දී සිටින බව අඳාළ වාර්තාවේ දැක්වේ.
එමෙන්ම ඉන්දියාව, ඉන්දුනීසියාව සහ පිලිපීනය වැනි රටවල් වේගවත් නගර ව්‍යාප්තියක් අත්වින්ඳද සාධාරණ මිල ගණන් සහිත නිවාස සැපයුම වේගයෙන් පවත්වා ගැනීමට අපොහොසත් වී ඇති බව සඳහන්.
තවද දැරිය හැකි මිලකට නිවාස නොමැතිකම ආසියානු නගර මුහුණ දෙන විශාලතම අභියෝගයක් බවට පත්වෙමින් පවතින බවත්, එය ඵලදායිතාවයට, ජීවන තත්ත්වයට සහ ආර්ථික වර්ධනයට බලපාන බවත් එම සඟරාව අනතුරු අඟවා ඇත.
කෙසේ වෙතත් දැරිය හැකි මිලකට නිවාස සඳහා සැලකිය යුතු ආයෝජනයක් සිදු නොකළහොත්, ආසියාවේ ප්‍රධාන නගර බොහොමයක් ඉදිරි වසරවලදී තදබදය, අසමානතාවය සහ ජීවන තත්ත්වයන් නරක අතට හැරීමේ අවදානමක් ඇති බව අඳාළ වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.