මෙරට 2024 අයවැය වැඩි ඡන්ද ගණනකින් සම්මත වෙයි.
අයවැය දෙවන වර කියවීමේ විවාදයේදී 2024 අයවැය පාර්ලිමේතුවේදී සම්මත වුණා.
ඊට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විරුද්ධව ලැබුනේ ඡන්ද77 ක් පමණයි.
පසුගිය 13 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර දෙවන වර කියවීමේ විවාදය ඊට පසු දින ආරම්භ කළා.
ඒ අනුව අද අයවැය දෙවන වර කියවීමේ විවාදයේ අවසන් දිනය වන අතර පස්වරු 06.00ට ඊට අදාළ ඡන්ද විමසීම ආරම්භ කෙරුණා.
ඡන්ද විමසීමෙන්
අනතුරුව පනත් කෙටුම්පත පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවට පැවරීමට තීරණය වූ අතර එය නොවැම්බර් 22 වන බදාදා උදෑසන 9.30 වන තෙක් කල් තබනු ලැබුවා.