කොවිඩ් එන්නතක් ගැන අද ලැබුණු තවත් සුබ ආරංචියක්.
දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ස්පුට්නික් වී එන්නත් මාත්‍රා
120000ක් රැගත් ගුවන් යානයක් දිවයිනට ළගාවී තිබෙනවා.
මෙලෙස රැගෙන ආ එන්නත් ලබන 21වන දා සිට මහනුවර ජනතාවට ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.
මේ අතර ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 84ක් ඊයේ වාර්තා වුණා.
කොරෝනා වෛරසය ආසාදිත මරණ සියයට අඩුවෙන් වාර්තා වූයේ දිගු කාලයකට පසුව වීම විශේෂත්වයක්.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (16) තහවුරු කළ මෙම මරණ 84ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12,022ක් ලෙසටයි.
මෙම මරණ 84 අතර වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ පිරිමි මරණ 2 ක් සහ එක් කාන්තා මරණයක් වාර්තා වනවා.
අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ මරණ 23ක් තහවුරු වී ඇති අතර පිරිමි 15ක් සහ කාන්තාවන් 08ක් ඊට අයත්.
අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 58ක් ඊයේ තහවුරු කළ මරණ 84 අතර වනවා.
ඒ කාන්තාවන් 34ක් සහ පිරිමි 24ක් වශයෙන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |