සියලුම ක්‍රීඩා තේරීම් කමිටු ගැන විශේෂ තීරණයක්..!

Roshan Ranasinghe Sri Lanka
By Sewvandhi Jan 30, 2023 02:48 PM GMT
Sewvandhi

Sewvandhi

Report

 ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කියා සිටියේ, ක්‍රිකට් ඇතුළු සියලුම ක්‍රීඩාවන් සඳහා මහජනයාට වගකියන, විනිවිදභාවයෙන් යුත් තේරීම් කමිටු පත්කිරීමට නව රෙගුලාසි පැනවීමට තීරණය කළ බවයි.

ඒ අනුව එක් එක් ක්‍රීඩාවට අදාළ ජාතික තේරීම් කමිටු සඳහා අදාළ රෙගුලාසි කඩිනමින් ප්‍රකාශයට පත්කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අදාළ රෙගුලාසිවලට අනුව තේරීම් කමිටු සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අයදුම්පත් යොමුකළ යුතු අතර ඒවායේ පිටපත් ජාතික තේරීම් කමිටුව වෙත ඉදිරිපත් කළ යුතුය.

ඒ අනුව ජාතික තේරීම් කමිටුවේ නිරීක්ෂණ යටතේ එක් එක් ක්‍රීඩාවන්ට අදාළ තේරීම් කමිටු පත්කිරීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha