අද 2න් පස්සේ මේ අයට විශේෂ නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් අද දින පස්වරු 2.00න් පමණ පසු සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ප්‍රකාශ කරයි.
ඒ අනුව රටේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් සඳහන්.
එසේම මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මධ්‍යම රාත්රියේදී සහ අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් වාර්තා වේ.
කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.