කිරි ටොයියා වගේ ඉන්න නිසා පද්මේට රංගනයට වරම් - ප්‍රසිද්ධ නිළියකගෙන් චිත්‍රපටියකටත් ආරාධනා

Report

කෙහෙල්බද්දර පද්මේ සහ මෙරට ප්‍රසිද්ධ නිළියන් හා බැඳුණු නානාප්‍රකාර කතා බතා මේ දවස්වල ඇහුනා සහ ඇහෙනවනේ.

ඔන්න ඒකටම හරියන්න අද වෙන කොට තවත් කතාවක් ඇහෙනවා.

ඒ පද්මේ පාතාලෙ ඉඳලා කලාවට අඩිය තියන්න ඒමක් ගැන. පොලිසිය කියන විදිහට චිත්‍රපට නිෂ්පාදනයකට සම්බන්ධ වන ලෙසට කෙහෙල්බද්දර පද්මේට ආරාධනා කරපු බවට ඔවුන් වෙත පුවත් ලැබිලා තියෙනවා.

ඒ ඩුබායි පැවති අලුත් අවුරුදු සැමරුමකදී හඳුනාගත් ප්‍රකට නිළියක් විසින් කියලා තමයි කියන්නේ.

අත්අඩංගුවට ගත් නීතිඥවරිය හා පද්මේගේ තවත් රහසක් එළි වෙයි

අත්අඩංගුවට ගත් නීතිඥවරිය හා පද්මේගේ තවත් රහසක් එළි වෙයි

ඒ වගේම පොලිස් නිලධාරියෙක් අවධාරණය කළේ මෙම තොරතුරේ තියෙන ඇත්ත නැත්ත තහවුරු කරගන්න අදාළ නිළියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්න බවයි.

කොහොම වුණත් ඉහළ පෙළේ පොලිස් නිලධාරියෙක් නම් කිව්වේ මේ කතාබහට අදාළව කෙහෙල්බද්දර පද්මේගෙනුත් ප්‍රශ්න කිරීමක් කරනවා කියලා තමයි.

නිකමට හිතන්නකෝ පාතාලේ වෙනුවට පද්මේ කලාවට අඩිය තියලා තිබ්බ නම් මේ කතාබතා අද ගොඩක් වෙනස් වෙලා අපරාධකාරයෙක් වෙනුවට අද පද්මේ කලාකරුවෙක් වෙලා ඉන්න තිබ්බා.

මම අහවලාගේ නංගි කියලා පොලීසියට පාට් දාපු කාන්තාව ගැන පොලීසියෙන් විශේෂ පැහැදිලි කිරීමක්

මම අහවලාගේ නංගි කියලා පොලීසියට පාට් දාපු කාන්තාව ගැන පොලීසියෙන් විශේෂ පැහැදිලි කිරීමක්

කෙහෙල්බද්දර රන්ජන්ට ඊයේ ගයත්‍රී ඩයස් හමුවුණාලු - ඒ පාර මේ මොකද?

කෙහෙල්බද්දර රන්ජන්ට ඊයේ ගයත්‍රී ඩයස් හමුවුණාලු - ඒ පාර මේ මොකද?