හෙට සිට ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම.. පැය 24 පුරා පොලීසිය සීරුවෙන්.. තොරතුරු දෙන්න දු.අ ලිස්ට් එකක්ම මෙන්න..

Police spokesman Sri Lanka Police Colombo Sri Lanka Police Investigation Latest Headlines
By krishani Dec 22, 2024 01:40 PM GMT
krishani

krishani

Report

හෙට (23) සිට මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහන පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත විශේෂ රථවාහන මෙහෙයුම ක්‍රියාත්මක වේ.

ඒ බව පොලීස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර තිබෙනවා.

පසුගිය දිනවල මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහනවලින් සිදු වූ රිය අනතුරු සැලකිල්ලට ගනිමින් දිගින් දිගටම එවැනි අනතුරු සිදුවීම අවම කර ගැනීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව මෙම රථවාහන මෙහෙයුම සිදු කිරීමට නියමිත බව එම නිවේදනයේ සඳහන් වේ.

අලුතෙන්ම ගෙන්නන වන්ඩියක් ගන්න එක හීනයක්ම වෙයි ද?. වාහන මිල ඇස් උඩ යන ගාණකින් ඉහළට..

අලුතෙන්ම ගෙන්නන වන්ඩියක් ගන්න එක හීනයක්ම වෙයි ද?. වාහන මිල ඇස් උඩ යන ගාණකින් ඉහළට..

ඒ අනුව හෙට දින සිට උත්සව සමය අවසන් වන තුරු දිවයින පුරා දීපව්‍යාප්ත රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

මෙහිදී ප්‍රධාන වශයෙන් පොදු මගී ප්‍රවාහන බස් රථ පරීක්ෂා කිරීම සිදු කෙරෙයි.

වහාම, විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කරමින්.. අති විශේෂ ගැසට්ටුවක් එළියට.. රාජ්‍ය සේවයේ මෙන්න මේ අයගේ...

වහාම, විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කරමින්.. අති විශේෂ ගැසට්ටුවක් එළියට.. රාජ්‍ය සේවයේ මෙන්න මේ අයගේ...

එම බස් රථවල රියදුරන්, මත්පැන් පානය කර හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය සිදු කරන්නේද යන්න විශේෂයෙන් සොයා බැලීම සිදුකරනු ලබයි.

එමෙන්ම, බස් රථ අපරීක්ෂාකාරි හා අන්තරාදායක ලෙස ධාවනය, අධික වේගයෙන් රිය ධාවනය, මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය, ධාවනයට නුසුදුසු තත්ත්වයේ ටයර් හෝ වෙනත් දෝෂ සහිතව ධාවනය කිරීම සම්බන්ධයෙන් ද පරීක්ෂා කර බලා එම රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව එම නිවේදනයේ සඳහන් ය.

එමෙන්ම, මීට සමගාමීව අනෙකුත් රථවාහන සම්බන්ධයෙන් ද පරීක්ෂා කිරීම් සිදු කෙරෙන අතර ඒ සඳහා දිවයින පුරා පැය 24 ම ආවරණය වන පරිදි රථවාහන නිලධාරින් රාජකාරි යොදවා ඇත.

මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක වන කාලසීමාව තුල අපරීක්ෂාකාරී හා නොසැලකිලිමත් ලෙස හෝ මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනයේ යෙදෙන බස් රථ ඇතුළු රථ වාහන සම්බන්ධයෙන් 119 හා 1997 යන කෙටි දුරකථන අංකවලට තොරතුරු ලබා දීමට මහජනතාවට හැකියාව පවතී.

එයට අමතරව අදාළ ප්‍රදේශය අයත් පොලිස් කොට්ඨාසයේ කොට්ඨාස භාර නිලධාරියාගේ ජංගම දුරකථන අංකය වෙත හෝ පහත සඳහන් අනෙකුත් රථවාහන කොට්ඨාස භාර නිලධාරින්ගේ ජංගම දුරකථන අංක වෙත ද තොරකුරු ලබා දීම සිදුකළ හැකිය.

එමෙන්ම, මාර්ග නීති රීති උල්ලංඝන කිරීම් හෝ අනෙකුත් වැරදි සම්බන්ධයෙන් වීඩියෝ පට ඇත්නම් එම වීඩියෝ පට ද වස්ඇප් මගින් එම දුරකථන අංක වෙත යොමු කිරීමට ද හැකියාව පවතින අතර එම තොරතුරු අනුව අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද පොලීස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් එම නිවේදනයෙන් දැනුම් දී ඇත.

අදාළ කොට්ඨාස භාර නිලධාරින්ගේ ජංගම දුරකතන අංක පහත පරිදි වේ.

කොට්ඨාස - දුරකථන අංකය

මාතර 0718591433

ගාල්ල 0718591452

ඇල්පිටිය 0718591472

තංගල්ල 0718591488

පුත්තලම 0718591289

හලාවත 0718591304

කුලියාපිටිය 0718591260

නිකවැරටිය 0718591274

කුරුණෑගල 0718591244

මහනුවර 0718591042

තෙල්දෙණිය 0718592274

මාතලේ 0718591079

ගම්පොල 0718591070

නුවරඑළිය 0718591094

හැටන් 0718591114

රත්නපුර 0718591382

කෑගල්ල 0718591410

සීතාවකපුර 0718591423

ඇඹිලිපිටිය 0718591392

කන්තලේ 0718591187

අම්පාර 0718591145

මඩකලපුව 0718591127

ත්‍රිකුණාමලය 0718591170

කන්කසන්තුරය 0718591315

යාපනය 0718591327

වව්නියාව 0718591340

මන්නාරම 0718591363

කිලිනොච්චිය 0718591347

මුලතිව් 0718591374

මොණරාගල 0718591533

බණ්ඩාරවෙල 0718591520

බදුල්ල 0718591508

කැබිතිගොල්ලෑව 0718592902

පොලොන්නරුව 0718591230

අනුරාධපුර 0718591200

කළුතර 0718591688

පානදුර 0718591674

කැලණිය 0718591589

අධ්‍යක්ෂ කොළඹ නාගරික රථවාහන කොට්ඨාසය - 071 8591741

අධ්‍යක්ෂ රථවාහන මූලස්ථානය - 071 8591967

අධ්‍යක්ෂ බස්නාහිර පළාත උතුර රථවාහන කොට්ඨාසය - 071 8592857

අධ්‍යක්ෂ බස්නාහිර පළාත දකුණ රථවාහන කොට්ඨාසය - 071 8592278

You May Like This Video👇 

.

ReeCha