යුධ හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..

vaccine vaccination army commander shavedra silva
By Sewvandhi Oct 04, 2021 02:50 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වයස අවුරුදු 15ත් 19ත් අතර ළමුන් සඳහා කොවිඩ් එන්නත ලබාදීම ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙම සතිය තුළ ජනාධිවතිවරයා උපදෙස් ලබාදෙනු ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. කතරගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම අදහස් පළ කළේය.

"විවිධ රෝගාබාධ සහ සංකූලතා ඇති වයස අවුරුදු 12ත් 19ත් අතර දරුවන්ට එන්නත්කරණය මේ වනවිට සිදුකෙරෙනවා. ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නා ඒ එන්නත්කරණය අවසන් වූ වහාම වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් එන්නත්කරණය ආරම්භ කරනවා කියලා. ඒ අනුව බොහෝදුරට ජනාධිපතිවරයා මේ සතියේ ඒ පිළිබඳව උපදෙස් ලබාදෙයි, කෙසේද එම එන්නත්කරණය කරන්නේ කියලා. දැනට දී තිබෙන උපදෙස් අනුව ඔක්තෝබර් 15වනදා වෙනකම් ජනතාවට ඒකරාශීවීමට අවස්ථාවක් ලබාදෙන්නේ නෑ. ඒ තත්ත්වය පවත්වාගෙන යනවා. ඔක්තෝබර් 15න් පස්සේ ඒ තත්ත්වය මගහැරීමට බොහෝදුරට අවස්ථාව තියෙනවා," යනුවෙන් යුද හමුදාපතිවරයා පැවසීය.

මේ අතර මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන ළමුන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම අද දිනයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා පැවසීය.

එසේම ඊයේ දිනයේ දී තවත් කොරෝනා ආසාදිතයන් 802ක් සහ මරණ 40ක් ද වාර්තා වුණා. ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 802ක් හඳුනාගැනුණු අතර, ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 520,432ක් දක්වා ඉහළ ගියා.

කොරෝනා ආසාදිත මරණ 40ක් ද ඊයේ දිනයේ දී වාර්තා වූ අතර, එම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා දිනයේ තහවුරු කරන ලද මරණ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 13,059 ක් ලෙසට යි.

ඊයේ දිනයේ වාර්තා වූ මරණ අතරින් 28ක් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් වන අතර, 30ට අඩු එක පුද්ගලයෙකු ද ඒ අතර සිටිනවා.

කතරගම ප්‍රදේශයේ දී ඊයේ මාධ්‍ය වෙත අදහස් දැක් වූ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ වයස 15ත් 19ත් අතර පිරිසට එන්නත් ලබාදීමට අදාළ උපදෙස් ජනාධිපතිවරයා විසින් මෙම සතිය තුළ දී ලබාදෙනු ඇති බවට විශ්වාස කරන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now