කිසිදු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැත..පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විශේෂ මාධ්‍ය හමුවේදී ...

Police spokesman Sri Lanka Police General Election 2024
By Piyumika Nov 14, 2024 06:21 AM GMT
Piyumika

Piyumika

Report

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා සම්බන්ධ වන විශේෂ මාධ්‍ය හමුවක්  පැවැත් විය .

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීම මේ වනවිට ආරම්භ වී ඇති අතර මේ දක්වා කිසිදු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එසේ වුවත් නීතිවිරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වූ පුද්ගලයින් තිදෙනෙක් අද (14) දිනය තුළ අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 49, 19 සහ 26ක් වූ නැදුන්කේනි, මන්නාරම සහ බියගම යන ප්‍රදේශවල පුද්ගලයින්ය.

එවැනි ආකාරයේ සිදුවීම් හැරෙන්නට මෙතෙක් කිසිදු ස්ථානයක ප්‍රචණ්ඩ ක්‍රියාවන් වාර්තා නොවන අතර ඒ අනුව සමස්තයක් ලෙස මැතිවරණය සාමකාමී බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එසේම  ඡන්ද මධ්‍යස්ථානවල කටයුතු කළ නිලධාරින් දෙදෙනෙකු ඇති වු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.

කෑස්බෑව ඡන්ද මධ්‍යස්ථානාධිපති ලෙස කටයුතු අයෙකු හදිසි අසනීප තත්ත්වයක් හමුවේ රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි.ඇය වයස අවුරුදු 48 පයාගල ප්‍රදේශයේ පදිංචිකාරියක් වනවා.

එමෙන්ම කොබෙයිගනේ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය වයස අවුරුදු 57 ක පුද්ගලයෙක් හදිසි අසනීප තත්ත්වයක් නිසා මිය ගොස් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා සිටියා.

සවස් කාලයේ දී වැසි සහිත තත්ත්වයක් ඇති විය හැකි බැවින් කඩිනමින් සියලුදෙනාම ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය. 

ReeCha