පොලිස් නිලධාරීන් ගැන හොයන්න පොලිසියට විශේෂ බලයක්

By Shehan Oct 18, 2025 07:38 AM GMT
Report

පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගෙන් පටන් ගෙන පහළ මට්ටමේ නිලධාරීන් දක්වා විවිධ තරාතිරමේ නිලධාරීන් රැසක් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බව හෙළි වීම් හේතුවෙන්, එම කණ්ඩායම් පිළිබඳ විමර්ශනයන් වේගවත් කිරීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ (CID) බලතල වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇත.

පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම ඒකකය පොලිස් නිලධාරීන්ගේ අභ්‍යන්තර හැසිරීම් සහ චෝදනා පිළිබඳ විමර්ශන සිදු කරන අතර, මේ වන විට එහි අනුයුක්ත නිලධාරීන්ගේ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විමර්ශන ප්‍රමාද වන බව හඳුනාගෙන ඇත. එබැවින්, ඒකකයට තවත් නිලධාරීන් පිරිසක් අනුයුක්ත කිරීම සහ ඔවුන්ට බුද්ධි අංශ සමඟ ඍජු සම්බන්ධතා පැවැත්වීමට අවසර ලබාදීමට සැලසුම් කර ඇත.

සජිත් ප්‍රේමදාස ආණ්ඩුවට අනතුරු අගවයි

සජිත් ප්‍රේමදාස ආණ්ඩුවට අනතුරු අගවයි

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයින්ගේ දුරකථන සම්බන්ධතා නිරීක්ෂණයේදී හෙළි වූවේ, පොලිස් නිලධාරීන් රැසක් ඔවුන් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවයි. කෙසේ වෙතත්, ඇතැම් නිලධාරීන් ඍජු සම්බන්ධතා පවත්වා නොමැති වුවද, ඔවුන් වෙනත් නිලධාරීන්ගේ උපදෙස් සහ නියෝග මත ඇතැම් කටයුතු සිදු කර ඇති බවත් අනාවරණය වී ඇත. එබැවින්, මෙම නිලධාරීන් පිළිබඳ මූලික විමර්ශන මෙම ඒකකය මගින් සිදු කිරීමට නියමිතය. 

අද 11 වෙනකල් - විශේෂ නිවේදනයක්

අද 11 වෙනකල් - විශේෂ නිවේදනයක්

ප්‍රකාශයක් සදහා නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස පොලීසියට

ප්‍රකාශයක් සදහා නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස පොලීසියට