ණයක් ගන්න හිත හිත හිටපු හැමෝටම මෙන්න සුබ ආරංචියක්
බැංකු ඇතුළු මූල්‍ය ආයතනවලින් ණය ගෙන, ඒ ණය ගෙවාගත නොහැකිව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට බැංකු 15ක් හරහා ලක්ෂ 150ක් දක්වා ණය පහසුකම් සැපයීම දැනටමත් ආරම්භ කර තිබෙන බව මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මංජුල හෙට්ටිආරච්චි ප්‍රකාශ කරයි.
ඒ අනුව ඒ යටතේ ණය ආපසු ගෙවීමට මාස 6ක සහන කාලයක්ද සහිතව වසර 5ක් දක්වා වන කාලයක් හිමි වන බව සඳහන්.
මේ අතර ඒ සඳහා අය කරනු ලබන පොලී අනුපාතය 8%ක් පමණක් බවද හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා.
ලංකා බැංකුව, මහජන බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, සෙලාන් බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ඩීඑෆ්සීසී, සණස සංවර්ධන බැංකුව, පෑන් ඒෂියා බැංකුව, යූනියන් බැංකුව, කාර්ගිල්ස් බැංකුව හා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ඔස්සේ මෙම ණය පහසුකම් සලසාගත හැකි බව පවසයි.
එසේම මෙහි විශේෂත්වය නම් ඇප වශයෙන් ඉඩම් ඇතුළු දේපළ ලබාදීමෙන් තොරව ණය ලබාගත හැකි වීමයි.
තවද මීට පෙර බැංකු ණය ගෙන, එම ණය ගෙවා ඇති හෝ නිසි ලෙස ගෙවමින් සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ටද වසර 10ක් දක්වා 7% අඩු පොලියකට ණය ගත හැකි බව ද දන්වයි.
ඒ අනුව ඔවුන්ට ලක්ෂ 250 දක්වා ණයක් ගත හැකි බවද හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරයි.
එමෙන්ම ඒ සඳහා වසරක ණය ආපසු ගෙවීමේ සහන කාලයක්ද හිමි වනු ඇති බව සඳහන්.