ආනයනය කරපු ලුණුවල ලොකු ප්‍රශ්නයක්

Report

මේ වසරේදී ශ්‍රී ලංකාවට ආනයනය කළ ලුණු මෙට්‍රික් ටොන් 22,950 ක් රේගුව නිදහස් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවත් රේගුව රඳවා ගත් ලුණු තොගයේ මුළු වටිනාකම රුපියල් කෝටි 91.81 ක් බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම අඳාළ ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ මෙම රඳවා ගැනීමට හේතු වී ඇත්තේ නිසි ප්‍රමිතියට නොමැතිවීම බවයි.

එමෙන්ම ඉකුත් මැයි මාසයේ ආනයන සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව ලුණු ආනයනය කිරීමට ලබාදුන් අවසන් දිනය පසුවී මෙරටට ආනයනය කර තිබීම එම මෙට්‍රික් ටොන් 22,950 g ලුණු තොගය රඳවා ගැනීමට ප්‍රධාන හේතු වී ඇත.

මෙන්න මොළේ - ආයේ එළවලු හොද ලාබෙට ලැබෙයි වගේ

මෙන්න මොළේ - ආයේ එළවලු හොද ලාබෙට ලැබෙයි වගේ

මේ අතර එක් අවස්ථාවකදී නැවක තිබූ සම්පූර්ණ ලුණ තොගයකටම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රමිතිකරණ සහතිකය ලබාදීම ප්‍රතික්ෂේප කළ බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකය නොලැබීමෙන් අදහස් වන්නේ එම ලුණු තොගය නිසි ප්‍රමිතියට නොමැති බවත් යනුවෙන් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර ඇත.

එසේම ශ්‍රී ලංකාවට මෙම වසරේදී වැඩිම ලුණු තොගයක් ආනයනය කර ඇත්තේ ආනයන සීමා ලිහිල් කළ ඉකුත් ජුනි මාසයේදී බවත් පසුගිය ජුනි මාසයේදී මෙරටට ලුණු මෙට්‍රික් ටොන් 99.217 ක් ආනයනය කර ඇති බවත් ආරංචි මාර්ග පවසයි. මේ අතර ආනයනය කළ එම ලුණු තොගයේ විටිනාකම රුපියල් කෝටි 396.61 ක් බවද සඳහන්.

ණයක් ගන්න හිත හිත හිටපු හැමෝටම මෙන්න සුබ ආරංචියක්

ණයක් ගන්න හිත හිත හිටපු හැමෝටම මෙන්න සුබ ආරංචියක්

රන් වෙළඳපොල උණුසුම්.. රන් මිල ලක්ෂ 4 සීමාව පනී

රන් වෙළඳපොල උණුසුම්.. රන් මිල ලක්ෂ 4 සීමාව පනී