මහජනතාවට දින 30ක කාලයක් ඇතුළත ලැබෙන වටිනාම අවස්ථාව මෙන්න
By Sewvandhi
එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහා මහජන අදහස් කැදවීමට තීරණය කර තිබෙනවා.
අදාළ සංකල්පය ක්‍රියාවට නැංවීම උදෙසා සමාජයේ පුළුල් පරාසයක ආයතන, කණ්ඩායම් සහ පුද්ගලයන් වෙතින් යෝජනා, අදහස් අපේක්ෂා කෙරෙනවා.
ඒ අනුව මේ මස 30 වන දිනට හෝ ඊට පෙර සිය අදහස් දනුම් දිය යුතුයි. විද්‍යුත් ලිපිනයට යොමු කර හෝ මහජන අදහස් කැදවීම යනුවෙන් සදහන් කර කාර්ය සාධක බලකායේ ලේකම්, එක රටක එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය, තැපැල් පෙට්ටිය 504, කොළඹ යන ලිපිනයට යොමු කිරීමේ හැකියාව පවතිනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |