අද කොළඹ රථවාහන තදබදයට අහුවෙන්න එපා - වසා තබන මාර්ග සහ විකල්ප මාර්ග මෙන්න

Report

‘Walk for Peace’ වැඩසටහනේ අවසන් දිනය අද (28) කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විශේෂ රථවාහන සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම වැඩසටහන සවස 4.00ට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

ඒ අනුව, අද උදෑසන 11.00 සිට අවස්ථානුකූලව කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කරයි.

“ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාව අද නිමාවට

“ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාව අද නිමාවට

සීමා කිරීම් ක්‍රියාත්මක වන මාර්ග අතර බණ්ඩාරනායක වටරවුම සිට බේස්ලයින් මාර්ගය හරහා බොරැල්ල හන්දිය දක්වා, මරදාන පාර, නන්දදාස කෝදාගොඩ මාවත, වෝඩ් පෙදෙස, සොයිසා වටරවුම, ලිප්ටන් වටරවුම, ධර්මපාල මාවත, එෆ්. ආර්. සේනානායක මාවත, සී.ඩබ්.ඩබ්. කන්නංගර මාවත, හෝර්ටන් වටරවුම, නිදහස් මාවත, ප්‍රේමසිරි කේමදාස මාවත, කේම්බ්‍රිජ් පෙදෙස, ග්ලාස් හවුස්, මාර්කස් ප්‍රනාන්දු මාවත, පුස්තකාල හන්දිය, මල්පාර, පිත්තල හන්දිය, ජේම්ස් පීරිස් මාවත, මුත්තයියා පාර, බේබෘක් වීදිය, ස්ටැපල් වීදිය සහ ගංගාරාම විහාරස්ථානය අවට මාර්ග ඇතුළත් වේ.

මෙම කාල සීමාව තුළ ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටී.

අද හවසට එළියට බහිනවා නම් පරෙස්සමෙන් - කාලගුණයෙන් රතු නිවේදනයක්

අද හවසට එළියට බහිනවා නම් පරෙස්සමෙන් - කාලගුණයෙන් රතු නිවේදනයක්

අද දවසේ වාසනාවන්තම ලග්නය ඔබේද? සම්පූර්ණ ලග්න පලාපල වාර්තාව මෙන්න

අද දවසේ වාසනාවන්තම ලග්නය ඔබේද? සම්පූර්ණ ලග්න පලාපල වාර්තාව මෙන්න