ඉන්සියුලින් තොග ගැන ඇමති කිව්ව කතාව
ඉදිරි මාස හතරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් මේ වන විටත් බෙදා හැර අවසන් බවත් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා සඳහන් කළේ ලබන සැප්තැම්බර් මාසය දක්වා අවශ්‍ය ඉන්සියුලින් තොග රට තුළ පවතින බවය.
ඖෂධ හිඟයක් ඇති නොවීම සඳහා මාස හතරත් හයත් අතර කාලයක් සඳහා ඖෂධ තොග පවත්වා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඇතැම් ඖෂධවල වරින් වර හිඟයන් මතු වන්නේ පසුගිය දෙවසර තුළ ඇති වූ විවිධ හේතූන් මත බව අමාත්‍යවරයා පැවසීය.
සැපයුම්කරුවන්ගේ දුර්වලතා ද මේ සඳහා බලපා ඇති බවත් එය වළක්වා ගැනීම සඳහා රාජ්‍යයන් කිහිපයක් සමග සාකච්ඡා පවත්වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
