පොලීසියෙන් විශේෂ නිවේදනයක්..!

teachers sarath weerasekara online learning slarlin
By Sewvandhi Sep 17, 2021 02:01 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබාදෙන අධ්‍යාපන කටයුතු නවතන ලෙස පාසල් ගුරුවරුන්ට කුමන ආකාරයකින් හෝ තර්ජනය කරනු ලැබුවහොත් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීමේ හැකියාවක් ඇති බව පොලිසිය සඳහන් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ අවශ්‍යනම් 119 හදිසි ඇමතුම් අංකයටද ඒ පිළිබඳව දැනුම්දිය හැකි බවයි.

මේ අතර ඒ සම්බන්ධයෙන් වන පැමිණිලි සම්බන්ධයෙන් නොපමාව, නිවැරදිව හා ඉතා තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර විසින් පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබෙනවා. 

මේ අතර, සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳාගැනීමට සූදානම් බව වර්ජනයේ නිරත ගුරු - විදුහල්පති වෘත්තීය සංගම්වල නියෝජිතයින් (16) සඳහන් කළේය.

වැටුප් විෂමතාම මුල්කර ගනිමින් ගුරු විදුහල්පතිවරු ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද 66වන දිනටත් ක්‍රියාත්මකය. සිය වෘත්තීය ක්‍රියාමාර්ගය තුළ ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග සඳහා සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතුවලින් බැහැරවීමටත් ගුරු සංගම් තීරණය කර තිබුණි.

ඒ අනුව ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග සඳහා සිසුන් ලියාපදිංචි කිරීමට ලබාදී තිබූ කාලය ඊයේ දිනයෙන් අවසන් වුණි. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ,

"ඊයේ මාධ්‍ය හරහා අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළා විදුහල්පතිවරු අයදුම්පත්‍ර ඉදිරිපත් නොකළොත් විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කරනවා කියලා. අපි අහන්න කැමතියි විකල්ප ක්‍රියාමාර්ගය කුමක් ද කියලා. තර්ජනය කිරීමද?. ගුරු සහ විදුහල්පති වැටුප් ගැටලුව ගැන දැන් තියෙන්නේ සාකච්ඡා කරන එක තමයි."

ලංකා ගුරු සංගමය සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ සාධනීය විසඳුමකට ප්‍රවේශයක්වීම සඳහා පිළිතුරක් දියහැකි ඇමතිවරයෙකු සමග සාකච්ඡාවක් අවශ්‍ය බවය. කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය පවසන්නේ ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශක්තිමත් විසඳුමක් ලබාදෙනු ඇතැයි තම සංගමය විශ්වාස කරන බවය

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



ReeCha