ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් විශේෂ දැනුම්දීමක්..!

covid19 NTMI sachindra gamage appoinments www.ntmi.lk
By Sewvandhi Oct 02, 2021 09:16 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සේවාවන් සැපයීම නැවත ඔක්තෝබර් මස 4 වන දා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති වෛද්‍ය සවින්ද්‍ර ගමගේ මහතා සඳහන් කර ඇත්තේ, එහි සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් වෙන්කර ගත යුතු බවය.

ඒ සඳහා ඕනෑම ජංගම දුරකථන ජාලයකින් අංක 225 ඇමතිය අතර, ස්ථාවර දුරකථනයකින් නම් අංක 1225 ඇමතිය හැකි ය.

එමෙන්ම  www.ntmi.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ඊ චැනලින් යෙදුම මඟින් දිනයක් හා වේලාවක් වෙන්කර ගත හැකි බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඊ චැනලින් සේවාව මඟින් මීට පෙර දිනයක් හා වේලාවක් වෙන්කර ගත් එහෙත් සේවාවන් ලබාගත නොහැකි වු සේවාලාභීන්ට නැවත සේවා ලබාගැනීමට පැමිණිය යුතු දිනය හා වේලාව පසුව දැනුම් දෙන බව ද ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha