පාසල්වලට විශේෂ නිවේදනයක්
ලෝකය ගෝලීයකරණය වීමත් සමඟම නව තාක්ෂණයත් එක්ක ඉදිරි පරම්පරාව ඉදිරියට යා යුතුයි.නව තාක්ෂණයට දරුවා හුරු වන්නේ පාසල් අවධියේ සිටමයි. එම නිසා සෑම රටකම අධ්‍යාපන පද්ධතියේ වෙනුවෙන් සැකසිය යුතුය.
මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල් ලංකාවේ සාමාන්‍ය පරිවර්තනයට ලක් කිරීමට අදාළ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමට අදාළව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 20ක අරමුදල් සලසා දීමට මහජන චීන සමූහාණ්ඩුව එකඟතාව පළ කර තිබේ.
ජනාධිපති විසින් මේ වසරේ ජනවාරි මාසයේ චීනයේ සිදු කරන ලද නිල සංචාරය අතරතුරදී එම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්ශ්වය අතර එකඟතාවකට එළඹ ඇත. ඒ අනුව, එම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් පාසල් 500ක් සහ ආදර්ශ සුහුරු පන්ති කාමරයක් සඳහා අවශ්‍ය වන උපාංග යෝජිත ව්‍යාපෘතිය මඟින් ලබා දීමටත්, එම ව්‍යාපෘතිය යටතේ වන ජාල මෙහෙයුම් කළමනාකරණ ඒකකය, වැඩසටහන් මෙහෙයුම් මැදිරිය සහ සම්මන්ත්‍රණ කාමරය ඉසුරු පාය පරිශ්‍රයේ ස්ථාපිත කිරීමටත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.